මිගමුව මහා නගර සභාවේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය සුභසාධක ආපන ශාලාව වසා දැමීම නිසා නගර සභාවට පැමිණෙන සේවාලාභින් මෙන්ම කාර්යමණ්ඩලයට කෙටි ආහාරයක් තේ කෝප්පයක් ලබාගැනීම සදහා කාර්යාල පරිශ්‍රයෙන් පිටතට යාමට සිදුව ඇති බව සේවකයන් පවසති.
පිටතට ගොස් තේ පානය කර පැමිණීම සදහා ආපන ශාලාවෙන් සේවය ලබාගැනීමේදී ගතවන කාලයට වැඩි කාලයක් ගතවන බැවින් සුභසාධක ආපන ශාලාව යලි විවෘත්ත කිරීම ආයතනයට වාසිදායක බවද සේවකයන් පෙන්වා දෙති






