කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ අවිදිමත් ලෙස සවිකර ඇති විදිලාම්පු විදිමත් කිරීම සදහා වත්මන් පාලනයද අසමත්ව ඇතිබව ජනතාව පවසති.
හිටපු පාලකයන් විසින් අනවශ්‍ය ලෙස සවිකර ඇති විදිලාම්පු ඉවත් කිරීමට කටයුතු නොකර තවදුරටත් ඒවා නඩත්තු කරමින් වත්මන් පාලකයන් විසින්ද විශාල මුදලක් වාර්ෂිකව ජනතාවගේ බදුමුදලින් නාස්ති කරනබව දක්නට ඇත.
අඩුම තරමින් විදිලාම්පු සවිකිරීම විදිමත් කිරීම සදහා තොරතුරු එක්රැස් කිරීමක් හෝ මෙතෙක් සිදු නොකිරීමෙන් පැහැදිලි වන්නේසිස්ටම් චේන්ජ් එකකට වත්මන් කටාන ප්‍රදේශීය සභාවේ ධුරධාරින් ද සුදානම් නොමැති බවයි.
මේ ජායාරූප වලින් දැක්වෙන්නේ එකක් පාරට තව එකක් ගෙදරට ආලෝකය ලබාදෙමින් හිටපු පාලකයන් විසින් සවිකරනලද වත්මන් පාලකයන් විසින්ද වෙනසක් නොකර නඩත්තු කරන විදි ලාම්පු කිහිපයකි. 








