අද රාත්‍රී7.00 ට පමණ පමණ කිඹුලාපිටියේ රතින්ඥා වෙළද සැලක ගිනිකෙළි ගබඩා කාමරයක් තුල ඇතිවූ හදිසි ගිනි ගැනීමක් සිදුවී ඇත.
වෙළඳසැල තුළ පිහිටි ගිනි ගැනීමට ලක්වු ගබඩාව අඩි 10×12 ප්‍රමාණයකින් යුක්ත වන අතර, මීගමුව මහ නගර සභාවට අයත් ගිනි නිවන රථ දෙකක් මගින් ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබේ..
ගිනි ගැනීමෙන් ජීවිත හානි කිසිවක් නොමැති අතර ගබඩා කර තිබූ ගිනිකෙළි නිෂ්පාදන සියල්ල ගිනි ගැනීමට ලක්ව ඇති අතර, මේ සම්බන්ධව වැඩිදුර විමර්ෂණ කටයුතු කටාන පොලිස් ස්ථානය මඟින් සිදු කරනු ලබයි.






