30 C
Negombo
30 C
Negombo

කොළබ වාහන තදබදය වැළැක්වීමට තවත් ගුවන් පාලම් තුනක් -ඇමති නිමල් ලාන්සා

-

ලංකාවේ තිබෙන සියලු. මාර්ග ප්‍රතිසංස්කරණයකර රටේ ආර්ථිකය නංවාලීම රජයේ  අරමුණ බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය ඇමති නිමල් ලාන්සා මහතා පවසයි .අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ චිත්‍රා මාවත කාපටි කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සමග එක්වෙමිනි. චිත්‍රා මාවතේ කිලෝමීටර් 1.3 ක් කාපට් යොදා ප්‍රතිසංස්කරණය කරන අතර ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 18.5 කි.

 මාර්ග කාපට් කිරිම, කොන්ක්‍රීට් කිරිම ආරම්බ වුණේ 2015 ට පෙර යුද්ධ අවසන් වුණාම. 2015-2019 කාලය තුළ යහපාලන ආණ්ඩුව කිසිදු සෙයක් කළේ නෑ. ඒ නැවතුණු සංවර්ධනය අපි නැවත ආරම්බ කළා. මාර්ග සංවර්දන අධිකාරියට අයත් මාර්ග තියෙන්නේ කිලෝමීටර් 12,600 යි. ඒකෙන් මේ වන විට කිලෝමීටර් 7600 ක් හදලා ඉවරයි. තව කිලෝමීටර් 5000 යි හදන්න තියෙන්නේ. මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඒ හා බී මාර්ග කිලෝමීටර් 5000 හදලා ඉවර කරන්න අපි කටයුතු කරගෙන යනවා. පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග කිලෝමීටර් 16,800 ක් තියෙනවා. ඒකෙන් ඉවර කරලා තියෙන්නේ 8600 යි. තවත් 8200 ක් තියෙනවා. ලබන වසර තුළ මේ මාර්ග කිලෝමිටර් 8200 ම කොන්ක්‍රීට් හෝ කාපට් කරනවා. ග්‍රාමීය මාර්ග රටේ තියෙන්නේ කිලෝමීටර් 96,000 යි. පසුගිය කාලයේ අපි කිලෝමීටර් 25,000 ක් හදලා කියෙනවා. තව 76,000 ක් තමයි තියෙන්නේ..

නුවර අධිවේගී මාර්ගය හදලා විවෘත කරන්නත් යහපාලන ඇමතිවරු දින නියම කළා. එය හරියට මුල, මැද, අග පටන්ගෙනවත් නැතිවයි. පසුගිය අවුරුදු 05 ට යහපාලන ආණ්ඩුව කොළඹ – නුවර අධිවේගී මාර්ගය මැද කොටසක් විතරයි ඉදි කළේ. එය කිලෝමීටර් 39 යි. හැබැයි ඒකෙන් 55% යි වැඩ අවසන්. තව 45%ක් තියෙනවා. යහපාලනය හදපු විදිහට කොළඹ – නුවර අධිවේගි මාර්ගය හැදුවනම් එය ඉවර කරන්න අවුරුදු 20ට වඩා යනවා. අපි 2024 දී මේ කොළඹ – නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ 2024 වසරේ දී රත්නපුර අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දඹුල්ල – කුරුණෑගල අධිවේගී මාර්ගය 2024 දී අවසන් කරනවා. කොළඹ නගරයේ තදබදය අවසන් කීරිම සදහා තවත් ගුවන් පාලම් 03 ක් ඉදිකිරීමට කඩිනමින් කටයුතු කරනවා.

ලංකාව පුරා වැල්පාලම්, ඒ දඬු හා අබලන් පාලම් 4000 ක් වෙනුවට තව පාලම් ඉදි කිරීමත් අපි ඉදිරියේ දී ආරම්භ කරනවා. දැනටමත් ඒ සදහා ඉල්ලීම් රැසක් ඇවිත් තියෙනවා. ඉදිරි වසර 04 ක කාලය තුල ඒවා කඩිනමින් ඉදිකර අවසන් කරනවා.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content