මිගමුව බස් නැවතුම්පොලෙහි ආබාධිත මගී පිවිසුම ප්‍රයෝජනයට ගැනීමට නොහැකි ලෙස අබලන්ව ඇති අතර එම ප්‍රජාවට ප්‍රයෝජනය ගැනීම සදහා ඇති වැසිකිලිය ඉබියතුරු යොදා වසාදමා බස් නැවතුම් පොලේ සේවය කරන බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජනය සදහා පමණක් සිමා කරගෙන තිබේ.
අබාධිත පිවිසීම හදුනා ගැනීමට අවශ්‍ය නාම පුවරුවක් සවිකර නොතිබීම නිසා එහි ලගාවීමට නොහැකිවන අන්දමට වාහන ගාල්කර අවහිර තිබේ.
මේ නිසා බස් නැවතුමට පැමිණෙන අබාධිත පුද්ගලයන් මෙන්ම ඇවිදීමට අපහසුතා ඇති කිහිලිකරු වලින් රෝද පුටු වලින් පැමිණෙන රෝගීන්ද දැඩි අපහසුතාවයකට පත්ව ඇති අතර ඔවුන් ඔසවාගෙන පඩිපෙලින් බස් නැවතුම් පොළ තුලට රැගෙන යාමට සිදුව ඇත.
මෙම පිවිසුම කඩිනමින් අලුත්වැඩියාකර අබාධිත ප්‍රජාවට වෙන්කර ඇති වැසිකිලිය ඔවුන්ගේ ප්‍රයෝජනයට ගැනීමට අවස්ථාව ලබාදීම දැනදැනම මගහරිමින් සිටීන වත්මන් මිගමුව මහානගර සභාවේ ධුරධාරින් ගෙන් සිස්ටම් චේන්ජ් එකක් බලපොරොත්තු වීම සිදු නොවන සිහිනයක් පමණි
මිගමුව බස් නැවතුම් පොලේ ආබාධිත ප්‍රජාවගේ වැසිකිලිය හොරු අරන්



සබැදි පුවත් 


