මිගමුව බස් නැවතුම්පොලෙහි ආබාධිත මගී පිවිසුම ප්‍රයෝජනයට ගැනීමට නොහැකි ලෙස අබලන්ව ඇති අතර එම ප්‍රජාවට ප්‍රයෝජනය ගැනීම සදහා ඇති වැසිකිලිය ඉබියතුරු යොදා වසාදමා බස් නැවතුම් පොලේ සේවය කරන බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජනය සදහා පමණක් සිමා කරගෙන තිබේ.
එමෙන්ම මෙම පිවිසුමට ලගාවීමට නොහැකිවන අන්දමට වාහන ගාල්කර අවහිර තිබෙනු දක්නට ලැබෙන අතර එයට හේතුව එම ස්ථානය හදුනා ගැනීමට අවශ්‍ය නාම පුවරුවක් සවිකර නොතිබීම බව නිරීක්ෂණය විය.
මෙම පිවිසුම අවහිර කරතිබීම පිලිබදව 26 දින සේවයේ යෙදී සිටි ආරක්ෂක අංශයේ ස්ථානබාර නිලධාරියා ගෙන් විමසීමක් කල අතර ඔහු ප්‍රකාශකලේ එවැනි පිවිසුමක් තිබෙනබව තමන් නොදන්නා බවයි. මේ ගැන විමසීමට බස්නැවතුම්පොට අනුයුක්ත කර සිටින නගරසභාවේ නිලධාරියෙකු නොසිටි අතර ඔවුන් සතිඅන්තයේ සේවය නොකරන බවද ආරක්ෂක නිලධාරියා පැවසිය..
නව නගරාධිපති ජ්‍යෙෂ්ඨ නීතිඥ රොබට් හීන්කෙන්ද මහතාද පසුගිය දිනක නගර සභාවේ නිලධාරීන් සහ නාගරික මන්ත්‍රීවරු කණඩායමක් සමග බස්නැවතුම්පොලේ නිරීක්‍ෂණ චාරිකාවකට සාහභාගී වී තිබු අතර එම අවස්ථාවේදී හෝ මේ ගැන කිසිවෙකුගේ අවදානය යොමු වී නොතිබිණි
මෙම පිවිසුම කඩිනමින් අලුත්වැඩියාකර අබාධිත ප්‍රජාවට වෙන්කර ඇති වැසිකිලිය ඔවුන්ගේ ප්‍රයෝජනයට ගැනීමට අවස්ථාව ලබාදීම මිගමුව මහානගර සභාවේ බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ වගකීමකි.







