දුප්පත්කම නුගත්කම ඇති තැන බේබදුකම සහ මත්ද්‍රව්‍ය භාවිතය වැඩිබවත් එම තත්වයෙන් ජනතාව මුදා ගැනීම සදහා විශාල වැඩපිලිවෙලක් රජයමගින් දියත්කර ඇතිබවද ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද මිගමුව කොතලාවල පාලම අසල නව ධිවර ජැටියක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස් පලකල අමාත්‍යවරයා මත්ද්‍රවය ජාවාරම් කරුවන් විශාල වශයෙන් මුදල් ලබාදෙන බව පවසමින් ධිවර යාත්‍රාවල ස්කිපර් වරුන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා බිලි බාගැනීමේ ක්‍රියාවලියක් සිදුවෙනවා එම නිසා ස්කිපර් වරුන් මෙන්ම ධිවර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අපේ දුවා දරුවන්ගේ අනාගතය ජිවිත විනාශ කිරීම වලක්වා ගැනීම සදහා ඒ ගොදුරට හිරවෙන්න එපාකියල
මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත් නොවී රැකියාව කරගෙන යාමටඅවශ්‍ය සහය ධීවර ප්‍රජාවට ලබා දීමට තම අමාත්‍ය අංශය සහ රජය කටයුතු කරනබවද රාමලිංගම් චන්ද්‍රසේකර් අමාත්‍ය වරයා වැඩිදුරටත් පැවසිය .
මේ ජැටිය ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 318.4ක් මුදලක් වෙන්කර ඇතිබවත් වසරක් තුළදී වැඩ නිමකර ධීවරයින් ගේ ප්‍රයෝජනය සදහා බාර දෙන බව මෙම අවස්ථාවට එක්වූ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සදහන් කළේය.
මෙම අවස්ථාවට , ගම්පහ දිස්ත්‍රික් ධීවර කමිටුවේ සභාපති පාර් ලී මේන්තු මන්ත්‍රී ස්ටෙෆ්නි ප්‍රනාන්දු මහතා, මීගමුව නගරාධිපති,ජ්‍යෙෂ්ඨ නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා, නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු මහතා සහ මීගමු ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් ද සහභාගී විය.








