ජැටිය වගේද – මාළු මාර්කට් එක

විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් විසින් අත්පත්කරගෙන ඇති මිගමුව මහා  නගර සභාවට අයත් අතිවිශාල දේපල ප්‍රමාණයක් ඇතිබවට අපවෙත තොරතුරු ලැබී ඇත.

මේවා අතර ජයිකා ආයතනයේ මුල්‍ය අනුග්‍රහය යටතේ  මිගමුව සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීම සදහා ඉදිකරන ලද. ගුරුගේ ආයතනයටමාසයකට රුපියල් 55000 ක් වැනි සොච්චම් මුදලකට ලබා දී තිබු  සංචාරක බෝට්ටු අංගනය යලි මහනගර සභාවේ පාලනයට ලබාගෙන ඇතිබව සදහන් කරමින්  නගර සභාවේ මුහුණු පොතට ජායාරූප කිහිපයක් එක්කර ඇත

මෙය ඉතාමත් හොද ආරම්භයක් ලෙස අපි දකිමු එමන්ම ජයිකා ආයතනයෙන් ලබාදුන් මිලියන 42 ක් වැයකර ඉදිකරන ලද මිගමුව නව මාළු වෙළද සංකීර්ණයද කඩිනමින් මිගමුව මහා නගර සභාවේ පාලනයට ගතයුතුව ඇත.

මිලියන් 200  කට වැඩි මුදලක්  මෙම වෙළද සංකීර්ණයයෙන් විවිධ පුද්ගලයන් විසින් වසර 17 ක් තිස්සේ එකතු කරගෙන ඇති අතර තව දුරටත් දිනකට අවම වශයෙන් රුපියල් 60000 කට වැඩිමුදලක් එකතුකර ගන්නා බව වෙළද සංකීර්ණයේ මසුන්  අලවි කටයුතු වල නිරත ධීවරයන් පවසති.

මෙම වෙළද සංකීර්ණයේ අදායම මහා නගර සභාවට ලබාගැනීමට පියවර ගතයුතුබවට   2025 සැප්තැම්බර් මස මිගමුව  මහා   නගර සභාවේ මාසික සභා රැස්වීමේදී කරුණු ඉදිරිපත් කලත් මෙතෙක් ඒ පිලිබදව අවශ්‍ය පියවර ගැනීමට මෙතෙක් පියවර ගෙන නැත.

මිගමුවේ බදුගෙවන ජනතාවට අහිමිවී ඇති මෙම මුදල් නගරසභාවේ ගිණුමට බැරකර ගැනීමට කඩිනම් පියවර ගැනීම නාගරික කොමසාරිස් ඇතුළු නිලධාරීන්ගේ සහ නගරාධිපති වරයා ඇතුළු ධුරධාරින්ගේත් වගකීමකි.

සබැදි පුවත්

මිගමුව නව මත්ෂ්‍ය වෙළද පොලේ මිලියන 190 ක මගඩියක්

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img