කිබුලාපිටිය ගල්මංකඩ ලැම්රොක් වත්තේ රතිඤ්ඤා මඩුවක් තුල සිදුවූ හදිසි පිපිරීමක් හේතුවෙන් තුවාල ලැබූ කාන්තාවක් සහ පිරිමියෙකු ප්‍රතිකාර සදහා මිගමුව දිස්ත්‍රික් මහා රෝහලට ඇතුලත්කර ඇත.
මෙම පිපිරිම 25 දින පෙරවරු 11.00 ට පමණ සිදුවී ඇති අතර තුවාල ලබා ඇත්තේ 72 වියැති මවක් සහ ඇයගේ 46 වියැති පුතෙකි
පිපිරීමෙන් වෙඩි මඩුව සම්පුර් නයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ අනාරක්ෂිත ලෙස බලපත්‍ර නොමැතිව සිදුකරන ගිනිකෙළි නිපදවීම නිසා වසරකට ජිවිත කිහිපයක් අහිමිවන බවත් තවත් පිරිසක් සදාකාලික රෝගින්බවට පත්වන බව ත්බලපත්‍ර ලත් ගිනිකෙළි සහ රතිඥා නිෂ්පාදකයන් පවසති.
කටාන පොලිස් ස්ථානාධිපති වසන්ත සුදසිංහ මහතාගේ උපදෙස් පරිදි කටාන පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදුකරයි






