මිලියන 6128 ක් වටින කඩොල් කැලේ ඉඩමේ අයිතිකරු හමුවෙයි…..

මිගමුව කඩොල් කැලේ සරත් ගුණරත්න  ක්‍රීඩාංගනය  මෙන්ම ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ගෘස්හස්ත ක්‍රීඩාංගනය  සහ නව  පාපන්දු පිටිය ඉදිවන භුමිය නගර සභාවට අයත් නැතිබව පවසමින් ගෙනයන ප්‍රචාරයන් සම්පුරණ යෙන්ම අසත්‍ය පදනම් විරහිත කතාවක් බව  අපකල සොයාබැලීම් වලදී  අනාවරණය කරගැනීමට හැකියාව ලැබී තිබේ

එමෙන්ම මහානගර සභාවේ නිලධාරියෙකු විසින් මෙම ඉඩමේ අයිතිය නැතිබව හැගවෙන අයුරින් නිකුත්කළ ලිපියක්ද අයිතිය නොමැති කථාවට උඩගෙඩි ලබාදීමක් වී ඇතිබවද දැනගන්නට ඇත

මහා කොළබ ආර් තික කොමිසම සතුව පැවති  මෙම ඉඩම මිගමුව නගර සභාවට රජයේ තක්සේරුවට  මුදලට  විකිනීමට  ජනාධිපති ලේකම් වරයා විසින්  දන්වා ඇත්තේ 1986 වර්ෂයේදීය .

අපවෙත ඇති තොරතුරු අනුව අක්කර දහඅටයි රුඩ් දෙකක් සහ පර්චස් 24 ක් විශාලමෙම භුමියේ   පාපන්දු,ටෙනිස් ,ක්‍රිකට්   පිටි මෙන්ම    ගෘහස්ත ක්‍රීඩාංගනයක් සහ ප්‍රේක්ෂකාගාරය ඉදිකිරීමට 2008 වර්ෂයේදී  බිම් සැලස්මක් ද  පිළියෙළ කර තිබේ.

කෙසේ වෙතෙත් හිටපු ධුරදාරින් හෝ නිලධාරීන් මෙම ගනුදෙනුව අවසන්කර ගැනීමට කටයුතු කර නැතිබවද නගර සභාවේ අභ්‍යන්තර ආරංචි මාර් ග  පවසයි.

කෙසේ වෙතත් මිලියන 200 කට වැඩි මුදලක් වියදම්කර වගුරු බිමක්ව පැවති මෙම භුමිය ක්‍රීඩා භූමියක් ලෙස සංවර්ධනය කරන ලද්දේ නගර සභාව විසින්බව අපකල විමසීමකදී හිටපු දුරධාරින්   කිහිපදෙනෙකු පැවසිය .

මෙම ප්‍රදේශයේ වෙළද පොළ වටිනාකම අනුව   පර් චස්  එකක අවම මිල මිලියන දෙකක් ලෙස උපකල්පනය කළහොත් පර්චස් 3064 ක් වන මෙම ඉඩමේ වත්මන් වෙළද පොළ අගය මිලියන 6128 කි.

හැකි ඉක්මනින් අදාළ පාර්ශව සමග සාකච්චාකර මෙම ඉඩමේ ගනුදෙනු අවසන්කර මෙම වත්කම නගර සභාව සතුකර ගැනීම සදහා කඩිනම් පියවර ගැනීම මහානගර සභාවේ බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ වගකීමකි.

Hot this week

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

Topics

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img