මීගමුවේ පොහොට්ටු පාක්‍ෂිකයන් අනාථයි

පොදුජන එක්සත් පෙරමුණ විසින් මිගමුව  මැතිවරණ බලප්‍රදේශයට නිත්‍ය සංවිධායක වරයෙක් පත්නොකිරීමෙන්  තමන් නනත්තරා වී ඇති බව පාක්ෂිකයන්  පවසති .

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ සහ මිගමුව මැතිවරණ කොට්ඨාශ දෙකට හැර අනෙකුත් සියලු ආසන සදහා පොදුජන එක්සත් පෙරමුණ විසින් සංවිධායක වරුන් පත්කර ඇතිබවත් මීගමුවට මේ වනවිට තෙවන ආසන සම්බන්ධිකාරක වරයාද පත්කර තිබෙන බවත් මේ අන්දමට කටයුතු කළහොත් මීගමුවේන්  පොහොට්ටුවේ දේශපාලන වශයෙන් බිංදුවටම වැටෙනබව මීගමුවේ සැලකිය යුතු දේශපාලන තනතුරක් දැරූ හිටපු ප්‍රබල දේශපාලඥයෙකු පැවසිය.

මිනුවන්ගොඩ සහ මිගමුව සදහා ආසන සංවිධායකවරුන් පත්කරන්නේ පළාත් සභා මැතිවරණයෙන් පසුබව පොහොට්ටු ප්‍රබලයන් පක්ෂ කාර්යාලයට කැදවා තමන්ට  පැවසූ බවත් එලෙස  සංවිධායක වරයෙකු වශයෙන් පත්කරන්නේ පළාත් සභා මැතිවරණය ජය ගන්නා අපේක්ෂකයා බව තමන්ට දැනුම් දුන් බව පවසන  ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්  විශාල පිරිසක් පක්ෂය හැර යාමේ සුදානමක් පවතින බවද දැනගන්නට ඇත.

තමන්ගේ ජන්දයේදී   මීගමුවේ මනාප එකතු කර ගැනීමට සැලසුම් සකස්කරගෙන සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටු ප්‍රබලයෙකු සංවිධායක වරයෙකු පත්කිරීම වැළැක්වීමේ පිටුපස සිටින බවට පොහොට්ටු සමාජිකයන් අතර කතිකාවතක් ගොඩනැගී ඇත.

මේවන විට මීගමුවට නව ආසන  සම්බන්ධිකාරක වරයෙකු පත්කර ඇති අතරඔහු  කෙටිකාලයක් තුලදී පත්කළ තුන්වැන්නා වීමද විශේෂත්වයකි

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img