මිගමුව බන්ධනාගාරය ඩෙංගු රතු කලාපයේ

 

800 ක් පමණ රදවා තැබිය හැකි මිගමුව බන්ධනාගාරයේ මේ වනවිට 2500 ක පමණ පිරිසක් රදවා සිටින බවද ඔවුන් අතරින් ඩෙංගු බවට සැකකරන  රෝගීන් 32 ක් බන්ධනගාරයේත් අට දෙනෙකු මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව මිගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගුණරත්න මහතා පැවසිය.

අද 2 දින   පැවති  මිගමුව ප්‍රදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී ගුණරත්න මහතා මේබව ප්‍රකාශ කළේය..

සංවර්ධන කමිටුවේ සම සභාපතිවරුන් වන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ සුගත් තිලකරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මිගමුව වැල්ලවීදියේදී  ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම පැවත්විණි.මෙහිදී තවදුරටත් කරුණු පැහැදිලිකල ගුණරත්න මහතා රැදවියන් දෙදෙනෙකු මිගමුව රෝහලේ ඩෙංගු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනබවද පැවසිය

මෙහිදී අදහස් පලකල  මිගමුව සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය ජයන්ත සිරිවර්ධන මහතා අද වනවිට ඩෙංගු රෝගීන් 200 ක් පමණ සිටිනබවද ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන් සිටින අනුපිලිවෙල අනුව මිගමුව 8 වන ස්ථානයේ පසුවන බවත් කොච්ච්කඩේ වැල්ලවීදිය සහ කුරණ ඩෙංගු අධි අවදානම් රතු කලාප බවත් පැවසිය

එමන්ම වැල්ලවීදිය අධි අවදානම්  කලාපයේ පිහිට අධිකරණ සංකීර්ණයේඑළිමහනේ තබා ඇති  නඩු භාන්ඩ තුල සහ මිගමුව ලංගම ඩිපෝවේ අක්කරයක පමණ භූමියක ගොඩගසා ඇති අබිලි ද්‍රව්‍ය තුලද මදුරු කීටයන් හමුවී ඇතිබවද පැවසූ සෞඛ්‍ය වෛද්‍ය ජයන්ත සිරිවර්ධන මහතා මිගමුව බන්ධනාගාරය තුල සිටින රැදවියන් 40 දෙනෙකු ඩෙංගු රෝගීන් වශයෙන් හදුනාගෙන ඇති බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Hot this week

නාගරික කොමසාරිස් නීති විරෝධී ගිවිසුමක් අත්සන් කලාද ?

මිගමුව  නගර සභා බල ප්‍රදේශය තුල මාර් ග  සංවර්ධන...

මීගමුවට කෝටි හතරක හොර බෙහෙත්

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතිවිරෝධී ලෙස ඩිංගි බෝට්ටු තුනකින්...

Topics

නාගරික කොමසාරිස් නීති විරෝධී ගිවිසුමක් අත්සන් කලාද ?

මිගමුව  නගර සභා බල ප්‍රදේශය තුල මාර් ග  සංවර්ධන...

මීගමුවට කෝටි හතරක හොර බෙහෙත්

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතිවිරෝධී ලෙස ඩිංගි බෝට්ටු තුනකින්...

සෙල්බි පාරේ මුදල් අයකිරීම (කප්පම් ගැනීම) අවසන්

මිගමුව නවමාලු වෙළද පොළ ඉදරිපිට සෙල්බි පාරේ නතරකර තබන...

මිගමුව මහනගර සභාවේ ඩබල් කැබ් රථයක් කොච්චිකඩේ පොලිසියේ ……………….

මිගමුව මහානගර සභාවට අයත් අංක251/7993 දරණ රතු  පැහැති කැබ්...

කිබුලාපිටිය ඔයේ ඉවුරු කපා වැලි ගොඩ දැමීම පිටුපස අදිසි හස්තයක් ……

කිබුලාපිටිය ඔයේ නයිකන්ද පාමුල පාලම අසල  ඉවුරු කපා වැලි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img