මිගමුව නගරාධිපතිට එරහිව නව සන්ධානයක්

මිගමුව මහනගර සභාවේ වත්මන් පාලනය අරබුදයකට තල්ලු කිරීමට සමහර නිලධාරීන් සහ දුරධාරින් පිරිසක් සැලසුම් සහගතව   සිදුකරන මෙහෙයුම පරාජය කිරීමට කටයුතු කරනබව  නගර සභාවේ ප්‍රගතිශීලි සේවකයෝ පවසති.

මහජනතාව හමුවේ වත්මන් පාලනය අපහසුතාවයට පත්කිරීම සදහා ඉංජිනේරු අංශයේ ප්‍රධානියෙකු  වැඩි   දායකත් වයක් ලබා දෙනබවට ද අපවෙත තොරතුරු ලැබෙමින් තිබේ

මෙම නිලධාරියා හිතාමතාම  දේශපාලන අධිකාරිය විසින් ගනුලබන තීරණ ක්‍රියාත්මක කිරීම කල්දැමීම සහ ප්‍රමාද කිරීම සිදුකරමින් කටයුතු කරනබවත් මොහු පසුගිය ජනාධිපති වරණයේදී අනුරකුමාර දිසානායක මහතා මැතිවරණයෙන් පරාජයට පත්වන බවට ඔට්ටු ඇල්ලීමට යෝජනා කල අයෙකුබවත් සේවකයන් පවසති.

එමෙන්ම ගොඩනැගිලි සැලසුම් අංශයද ගොඩනැගිලි අයදුම් පත අනුමත කිරීමේදී පාරිභෝගිකයා මාස ගණන්  රස්තියාදු කරමින්  ඉතාමත් සුක්‍ෂම අන්දමින් නගර සභාවේ වත්මන් පාලනය පිලිබදව මජනතාව තුල කලකිරීමක් ඇතිවන අන්දමට කටයුතු කරමින් සිටී

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ කමිටුවේ සාමාජිකයන් සදහා මාසික දීමනාවක් ලැබෙන අතර එසේ ලබාදෙන්නේ කමිටු රැස්වීමට සහභාගී වීම සදහාය එහෙත් කමිටු සාමාජිකයන් එක්වර රැස්නොවි ඔවුන්ගේ අත්සන් ගැනීම සදහා ලිපිගොනුව දිනගනනක් තැනින්තනට ගොස් නගරාධිපති තුමාගේ අත්සනට ලැබෙනවිට සෑහෙන දිනගනනක් ගතවේ.

ගොඩනැගිලි  සැලසුම් අංශයේ සිටින ලිපිකරුවෙක් ද  ඔහුට අයත් නැති සැලසුම් කමිට්ටුවේ රාජකාරියෙන් කොටසක් බලෙන් පවරාගෙන  පාරිභෝගිකයන් රස්තියාදු කරමින් සිටින බවද දැකගන්ට ඇත.

මීගමුවේ සෙල්බි පාරේ නතරකර තබන වාහන වලින් මුදල් අයකර ගැනීම ( කප්පම් ගැනීමේ) සිද්ධ්ය සම්බන්දයෙන් මෙම මස 2 දින පැවති මිගමුව  සංවරධනකමිටු රැස්වීමේදී සාකච්චා කල අවස්ථාවේදී   අඩුම තරමින් එම ස්ථානයේ මුදල් අයකළ නොහැකිබවට දැන්වීම් පුවරුවක් හෝ සවිකිරීමට නගර සභාවේ පරිපාලනය කටයුතු කර නැතිබවට ප්‍රබල චෝදනාවක් පොලිසියෙන් එල්ලවිය.

නගරාධිපතිවරයා විසින් අදාළ  නිලධාරියාට   නාගරික කොමසාරිස් මගින් අවස්ථා ගණනකදී සෙල්බි පාරේ මුදල් අයකළ නොහැකිබවට දැන්වීම් පුවරු සවිකරන ලෙස උපදෙස් දී ඇතත්  ඔහු එම දැන්වීම් සවිකිරීම නොකර සිටින්නේ එකතුකරන කප්පම් වලින් කොටසක් ඔහුටත් ලැබෙන නිසා විය හැකිබවට අපට සාධාරණ සැකයක් මතුව ඇත.

ඔහු ඉතිහාසයේ කටයුතුකර ඇති  ආකාරය පිලිබදව අපවෙත ලැබී ඇති තොරතුරු  විග්‍රහ කිරීමේදී එම සැකය තවදුරටත් තිවුර කරයි.((ඩඩ්ලි සේනානායක වෙළද පොළ සංවර්ධනය කිරීම මේ පිලිබදව වෙනම සාකච්චා කිරමු )

එමෙන්ම නගර සභාවේ අදායම් පරීක්ෂකවරුන්ට සේවකයන්ට නගරසභාවේ සාප්පු සංකීර්ණවල කඩකාමර ඇතයි මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රිනී බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති ප්‍රනාන්දු මහත්මිය කර තිබු ප්‍රකාශය සත්‍යයකි.

වැසිකිලි සහ ක්‍රීඩාංගන වල තත්වයේද වෙනසක් නැත මාසයකට රුපියල් 50000 සිට ඉහල මිලගණන් වලට ව්‍යාපාරිකයනට  අතුරු බදුදී ඇති මිගමුව නගරසභාවේ සාප්පු සංකීර්ණවල කඩ කාමරවල මාසික කුලිය රුපියල් 800ක් වනවිට පදික වේදිකාවේ කරත්තයක් තබාගෙන සිටින වෙළදුන් ගෙන් දිනකට රුපියල් 100 බැගින්  අයකර ගනී .

මේවනවිට සමහර  නිලධාරීන් විසින් වසර ගණනාවක් තිස්සේ සිදුකරගෙනගිය වංචා දුෂණ කටයුතුතවදුරටත්  සිදුකර යාම  සදහා   මාලිමා නාගරික මන්ත්‍රීවරුන් යොදාගෙනඔවුන්ටද නොදැනෙන ලෙස  ඇපනුල් බැදගෙන ඇත.

නගර සභාව සතු විවිධ කණඩායම් විසින් නගර සභාවට සතපහක් හෝ නොදී බුක්තිවිදින දේපල යලි අත්පත් කරගැන්මට තුට්ටුවට දෙකට ලබාගෙන ඇති දේපොළ යලි තක්සේරුකර අදට ගැළපෙන ලෙස කුලිය සංශෝධනයට කටයුතු කිරීම ඇතුළු යෝජනා ක්‍රියාත්මක කිරීම වලක්වා ගැනීමට හොදම ක්‍රමය නගරාධිපති වරයා අසීරුවට පත්කිරීම බව මේ අශුද්ධ කල්ලිය තීරණය කර ඇත.ඊයේ කුරණ ක්‍රීඩාංගනය තේමා කරගනිමින්  සිදුකල  උත්සාහයද එවැන්නකි

ඒ ඔහුට හොරෙක් දුෂිතයෙක් වැනි චෝදනා ඉදිරිපත් කළනොහැකි බැවිනි.

 

 

 

Hot this week

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...

වැලිහේනේ කපපු ගස් පෙන්වා මිලියනයක් දිනාගන්න

වැලිහේන ක්‍රීඩාංගනය අශ්‍රිතව කරන සංවර්ධන කටයුතුවලදී එක් කුබුක් පැලයක්...

කටානේ අනතුරුදායක ගස් ඉවත්කර – අලුතින් ගස් හිටවනවා -මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි

කටාන ප්‍රාදේශීය ලේකම්  කාරයාල භුමිය ඇතුළු කටානේ ස්ථාන කිහිපයක...

​“දෙමළ ජනතාවගේ මානසික තුවාලවලට සැබෑ ඖෂධය ආදරයයි !” – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර

දෙමළ ජනතාවගේ දීර්ඝකාලීන වේදනාවන්ට සහ ඔවුන් මුහුණ දී සිටින...

Topics

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...

වැලිහේනේ කපපු ගස් පෙන්වා මිලියනයක් දිනාගන්න

වැලිහේන ක්‍රීඩාංගනය අශ්‍රිතව කරන සංවර්ධන කටයුතුවලදී එක් කුබුක් පැලයක්...

කටානේ අනතුරුදායක ගස් ඉවත්කර – අලුතින් ගස් හිටවනවා -මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි

කටාන ප්‍රාදේශීය ලේකම්  කාරයාල භුමිය ඇතුළු කටානේ ස්ථාන කිහිපයක...

එල්නිනෝ වට මුහුණ දීමට කටානේ ගස් කැපීම වේගවත් කරයි

කටාන ප්‍රදේශයේ සිදුවන වන විනාශයට එරෙහිව කටාන ප්‍රාදේශීය සභාවේ...

අන්තර් ආගම් අතර ධාර් මික සංවාද යක් තිබිය යුතුයි -මහාචාර් ය කේ.එස්.එන්. අබේසිංහ

කතෝලික ජුදා ඉස්ලාම් හැමෝටම ඇත්තේ ඒක දේව වාදයක් අදහන්නේ...

මීගමුවේන් දවසකට කසල ටොන් 100 ක් …

කසල කලමනාකරණය බරපතල සමාජ ගැටලුවක් බවත් ඒ සදහා  සදහා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img