මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට පතිත වී පාවෙමින් පවතින බවට තොරතුරු වාර්තා වී ඇති බැවින්, ඒ පිළිබඳව අතිශය විමසිලිමත් වන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සියලුම ධීවර යාත්‍රා වෙත හදිසි දැනුම්දීමක් සිදු කරයි.

අදාළ බහාලුම් පතිත වී ඇත්තේ උතුරු අක්ෂාංශ 06° 54′ සහ නැගෙනහිර දේශාංශ 079° 32′ ට ආසන්න මුහුදු ප්‍රදේශයේදීය. පවතින සුළං තත්ත්වය සහ දියවැල්වල දිශාව අනුව මෙම බහාලුම් මේ වන විට හලාවත, මීගමුව සහ බේරුවල හරහා ගාල්ලට ආසන්න මුහුදු ප්‍රදේශ කරා දකුණු දෙසට පාවී යාමේ වැඩි හැකියාවක් පවතී.

මේ හේතුවෙන් කොළඹ සිට බේරුවල හරහා ගාල්ල දක්වා වූ දකුණු මුහුදු ප්‍රදේශවල රැකියාවේ නියුතු සහ ගමන් කරමින් පවතින සියලුම ධීවර යාත්‍රා මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුය. මෙම බහාලුම් යාත්‍රාවල ගැටීමෙන් බරපතල අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බැවින් යාත්‍රා මෙහෙයවීමේදී අතිශය සුපරීක්ෂාකාරී වන ලෙස දන්වා සිටිනු ලැබේ.

යම් හෙයකින් මෙම පාවෙමින් පවතින බහාලුම් (කන්ටේනර් ටැංකි) නිරීක්ෂණය වුවහොත්, වහාම ඒ පිළිබඳව ධීවර දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි සන්නිවේදන මධ්‍යස්ථාන වෙත දැනුම් දීමට කටයුතු කරන ලෙස සියලුම ධීවර ප්‍රජාවගෙන් ඉල්ලාසිටී.

මාධ්‍ය ලේකම් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය.

Hot this week

සජබේ මහාසභාව වර් ජනය කරයි – මෙන්ඩිස් NPP සමග දීගය අත්හරී

යථාපරිදි කල්දී ඉදිරිපත්කරන ලද යෝජනා සහ ප්‍රශ්න මෙම මස...

මීගමුව මහරෝහලට CT scan යන්ත්‍රයක්

මීගමුව මහා රෝහලේ සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

Topics

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img