කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති කම්හල නිසා පරිසරයට විශාල බලපෑමක් සිදුවන බවත් එමනිසා එම කම්හල සුදුසු ස්ථානයකට රැගෙන යායුතුබව ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි

උන්වහන්සේ මෙසේ පැවසුයේ යෝජිත සිමෙන්ති කමහලට විරෝධය දැක්වීම පිලිබදව කරුණු පැහැදිලි කිරීම සදහා සිදුව ශාන්ත තෝමස් ජ්‍යාතන්තර පාසලේ 19 දින පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙතන සිමෙන්ති කම්හලකට ඔබින තැනක් නොවෙයි යම්යම් කුට ලේඛන ඉදිරිපත්කරලා අපේ රටේ අවසර ලබාගැනීම කරන්න පුළුවන් ආරම්බයේදී කොන්දේසිවලට අනුව කටයුතු කරලා පහුවෙනකොට ඒ අයට ඔනවිදියට කටයුතු කරනවා.

ඒ නිසා මේ කම්හල ඉවත්කළ යුතුමයි. එසේ ඉවත් නොකරන්නේනම් මහජනයා සුදානම්ව සිටිනවා විශාල උද්ඝෝෂණ වලට යන්න එම විරෝධතා දැක්වුවහොත් විශාල කලකෝලාහල වෙන්න පුළුවන් මේ බව අපි ආණ්ඩුවටත් මතක්කරනවා යයිද  මෙහිදී තවදුරටත් කරුණු පැහැදිලි කල ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා පැවසිය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් පලකල අගරදගුරු නියෝජිත ගරු නිලන්ත හේෂාන් පියතුමා මධ්‍යම පරිසර අධිකාරිය අවසර ලබාදෙන්නේ  ව්‍යාපාරිකයාට ඔවුන් ලබාදෙන ප්‍රශ්න 28 ක ප්‍රශ්නාවලියට ලබාදෙන පිළිතුරු මතයි.

අවසර ලබාගෙන තිබෙන්නේ මිනි සිමෙන්ති කම්හලකට ව්‍යාපාරිකය ප්‍රකාශකලා පැයකට සිමෙන්ති මලු 1500 නිපදවනබව එතකොට කොහොමද මේක මිනි සිමෙන්ති කම්හලක් වෙන්නේ මේක මහාපරිමාණ කම්හලක් 2025 .12.25 නත්තල්  දින මෙම කම්හලට නාගරික සංවර්ධන අධිකාරිය අනුමැතිය ලබාදීතිබෙනවා.

අපේ රටේ ඇති බරපතලම ගැටලුව තමයි ඒකාබද්ධ යාන්ත්‍රණයක් නැතිකම එක් ආයතනයකින් රැකගත යුතුයි කියන තැන තවත් ආයතනයකින්   සංවරධනය කරන්න අවසර දෙනවා යයි ගරු නිලන්ත හේෂාන් පියතුමා පැවසිය.

එල්ලවන චෝදනා පිලිබදව මෙල්වා සිමෙන්ති සමාගමේ කම්හල් කළමනාකරු චින්තක උඩුවේවත්ත මහතාගෙන් විමසීමක් කල අතර ඔහු ප්‍රකාශ කලේ විරුද්ධ වන්නේ කරුණු හරිහැටි අවබෝධ කරනොගෙන උපකල්පන මත කථා කරන පුද්ගලයන් බවත් ඉතාමත් ඉහල තාක්ෂණයෙන් සකස් කර ඇති කම්හලෙන් පරිසරයට  දුවිලි පිටවීම බින්දුව දක්වා අඩුකරන බවත් කිසිදු ශබ්දයක් පිටතට නොයන ලෙස බිත්ති සකස් කර ඇති බවත්  කිසිදු අප ජලයක් පරිසරයට මුදා නොහරින නිසා කලපුවට හෝ පරිසරයට කිසිදු හානියක් සිදුනොවන බවයි.

මෙම කම්හලට පැමිණ පරික්ෂාකර බලා සත්‍ය අවබෝධ කරගන්නා ලෙසවිරුද්ධ වන සියලු දෙනාටම ආරාධනා කරනබවද කම්හල් කළමනාකරු චින්තක උඩුවේවත්ත මහතා වැඩිදුරටත් පැවසිය.

මෙම ප්‍රදේශයේම ඇති තවත් කොන්ක්‍රීට් නිෂ්පාදන ආයතන ඇතුළු කලපුවට හානිකර කටයුතු කරන ආයතන සම්බන්ධයෙන් ද  අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු නොකිරීම පිලිබදව මාධ්‍යවේදීන් විමසාසිටි අවස්ථාවේදී මාධ්‍ය හමුව යම් උණුසුම් සවරුපයක් ගනුලැබූ අතර විදුහල ඇත්තේද සංවේදී කලාපයේ ගොඩකළ  රජ ඇල මත බවට මාධ්‍ය වේදියෙකු චෝදනාවක් ඉදිරිපත්කල අතර ඒ සදහා කිසිවෙකු පිළිතුරු ලබා නොදීමද විශේෂත්වයකි.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img