මිලියන 43.84ක් වටිනා ‘කුෂ්’ ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ (NCU) නිලධාරීන් විසින් 2026 නොවැම්බර් 16 වන දින අලුයම 12.30ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) පැමිණීමේ පරයන්තයේ හරිත මාවතේදී (Green Channel) සිදු කළ වැටලීමකදී රුපියල් මිලියන 43.84ක (රු. 43,840,000) වීථි වටිනාකමකින් යුත් ‘කුෂ්’ (Kush) වර්ගයේ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මාතලේ ප්‍රදේශයේ පදිංචි, වෘත්තියෙන් යාන්ත්‍රික ශිල්පියෙකු (Mechanic) ලෙස සේවය කරන 30 හැවිරිදි ශ්‍රී ලාංකික පුරවැසියෙකි. ඔහු තායිලන්තයේ බැංකොක් නුවර සිට ක්වාලාලම්පූර් හරහා පැමිණි මැලේසියානු ගුවන් සේවයට අයත් MH 0179 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබේ.

සැකකරුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී, බලධාරීන්ගේ අවධානයෙන් මිදීමේ අරමුණින් විදේශීය මත්පැන් ඇසුරුම් පෙට්ටි දෙකක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ පාර්සල් පහක අසුරන ලද ග්‍රෑම් 4,384ක් (කිලෝග්‍රෑම් 4.384ක්) පමණ බරැති මෙම ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගය රේගු නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා සැකකරු, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ අදාළ නඩු භාණ්ඩ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය (PNB) වෙත භාර දී ඇත.

රේගු මාධ්‍ය ප්‍රකාශක

Hot this week

ශාන්ත මරියා පාසලේ ක්‍රීඩා පිටිය මිගමුව නගර සභාවේ වත්කමක්

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක.156ජී, උතුරු මුන්නක්කරය ග්‍රාම නිලධාරී...

ඒත්තුකාල වෙරළ උද්‍යානයේ කොටසක් නගර සභාවට පවරන්න – යෝජනාවට මන්ත්‍රීවරු 40 ක් පක්ෂයි

මීගමුව ඒත්තුකාල  වෙරළ උද්‍යාන භූමියේ ඇති වැසිකිලි පද්ධතිය සහ...

මිගමුව මහා නගර සභාවේ පරිසර විනාශයක්

මිගමුව මහානගර සභාවේ සෞඛ්‍ය අංශය  විසින් කුරණ මේජර් රාජ...

මන්ත්‍රී නලීන් බණ්ඩාර ගෙනා ඩ්‍රෝන යානා 39 ක් රේගුව රදවාගනී

කුරුණෑගල දිස්ත්‍රික් සමගිජනබල වේගයේ පාරලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා...

ගිණිකෙළි නිෂ්පාදනය පහල යයි සේවකයන් රැසකට රැකියාව අහිමිවෙයි

ගිණිකෙළි නිෂ්පාදනය සදහා අවශ්‍යකරන වෙඩි බෙහෙත් ඇතුළු අමුද්‍රව්‍ය මිල...

Topics

ප්‍රමිතියකට නැති නගර සභාවේ කුරණ කොම්පෝස්ට් අංගනය

මිගමුව මහානගර සභාවේ සෞඛ්‍ය අංශය  විසින් කුරණ මේජර් රාජ...

ශ්‍රී ලංකා – නෝරවේ ධීවර සබඳතා නව මාවතකට

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා...

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img