කටාන ප්‍රාදේශීය සභාවට අයත් කෝවින්න ආදාහනාගාර ව්‍යාපෘතියේ වංචාවක් දුෂණයක් නාස්තියක් සිදුව ඇතිබවත් ඒ පිලිබදව විමරෂණය සිදුකරන ලෙස සභාපති තුමියගෙන් දැඩිව ඉල්ලා සිටිනබව ජාතික ජනබල වේගයේ ප්‍රාදේශීයසභා මන්ත්‍රී කුමාරසිරි ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ සභාපතිනි ඉරේෂා ජයකොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද 25 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ නොවැම්බර් මස මාසික සභා රැස්වීමේදීය.
කුමාරසිරි මන්ත්‍රීතුමා මේ චෝදනාව මෙයට පෙර අවස්ථා කිහිපයකදී ඉදිරිපත් කර ඇතිබවද එම නිසා ඒ මහතාගේ චෝදනා පිලිබදව සහ තවත් සිදුව ඇති වංචා හෝ දුෂණ ඇත්නම් ඒවා පිළිබදවද අවශ්‍ය නීතිමය පියවර ගතයුතුබවත් එවැනි පරීක්ෂණ සිදුවන්නේ නම් ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබාදීමට සුදානම් බව ලසන්ත දීපාල් සහ අසේල ජයවරධන මන්තිවරුන් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ප්‍රකාශකළේය.





