පාර්ලිමන්ට ජෝර්ක් රටේ දැවෙන ප්‍රශ්න යටගැසිමේ ආණ්ඩුවේ ගැටයක්

රන්ජන් රාමනායක මහතා වරිවර විවිධ ප්‍රකාශ සිදුකිරීම    දැවෙන ප්‍රශ්න යටගැසිමේ ආණ්ඩුවේ ගැටයක්බව පිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පලකලේ එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යතුමා තමන් වගේම අනෙක් මන්ත්‍රිවරුනුත් කොකේන් පරීක්ෂාවට ලක්විය යුතු යැයි අභියෝගයක් කළා. අපි කොකෙන් පරීක්ෂාව කරලා ප්‍රතිඵල පෙන්නන්නට ගියේ නැත්තේ අපි කොක්කෙන් පාවිච්චි කරන නිසා නම් නොවෙයි. ඔබතුමා භාවිතා කරන මත්පැන් වර්ගවත් අපි භාවිතා කරන්නේ නැහැ. අපි කොකෙන් පරීක්ෂාව නොකර සිටියේ පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටයට රංගනයෙන් දායකවී තවත් එක් විකට නළුවෙක් වීමේ අවශ්‍යතාවයක් නොමැති නිසා. මොකද ඔහු විසින් ඉදිරිපත් කළ කොකේන් පරීක්ෂාවෙන් හෝ ඉදිරිපත් කරන ලද වෛද්‍ය සහතික වලින් කොකේන් භාවිතා නොකරන බවට කිසිදු සහතිකයක් ලැබෙන්නේ නැහැ. කොකේන් භාවිතයෙන් පැය 48 කට පසුව මුත්‍රා රුධිර පරීක්ෂාවක් සිදු කළහොත් එම රුධිර හෝ මුත්‍රා සාම්පලවල කොකේන් අඩංගු වන්නේ නැහැ.

මන්ත්‍රිවරයා තමන් තෝරාගත් ස්ථානයකට තමන් කැමති වේලාවක ගිහිල්ලා රුධිරය හා මුත්‍රා පරීක්ෂා කළහම ඊට දින කිහිපයකට කලින් ඔහු කොකේන් භාවිතා කර නැහැයි කියලා ඉන් තහවුරු කරන්නට බැහැ. සමහරු යෝජනා කරනවා කෙස් ගස් වලින් මෙය තහවුරු කරන්නට පුළුවන් කියලා. මොකද දිගු කාලයක් කොකේන් භාවිතා කරන විට කෙස්ගස්වල තැන්පත් වීමක් සිදුවන නිසා. නමුත් පරික්ෂාවකින් සනාථ කළ හැකි මට්ටමේ කොකේන් ප්‍රමාණයක් කෙස්ගස්වල තැන්පත් වීමට නම් දීර්ඝකාලයක් කොකේන් භාවිතා කලයුතු වෙනවා. මේ නිසා කෙස්ගස් පරීක්ෂාවෙන් වත් මුත්‍රා හෝ ලේ පරීක්ෂාවෙන් යම් මන්ත්‍රිවරයෙක් කොකේන් පාවිච්චි කරනවද යැයි නිසි ලෙස තහවුරු කරගන්නට බැහැ.

රටේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වූ විට ඒ ප්‍රශ්න නොමග යැවීම සඳහා ආණ්ඩුව විසින් කොන්ත්‍රාත්තුව බාර දී තිබෙන්නේ රන්ජන් රාමනායක අමාත්‍යතුමාටයි. මාධ්‍ය ඉදිරියේ පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටයේ අලුත්ම පිටපත රඟදැක්වීමෙන් එය සිදු කරන්නේ. රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටපත් කිරීමේ රංජන් රාමනායක කුමන්ත්‍රණයට අප කිසිසේත්ම දායක වෙන්නේ නැහැ. ඒ දායක වීම ම රටේ තිබෙන දැවෙන ප්‍රශ්න සාකච්ඡා කිරීමට මාධ්‍යයේ තිබෙන ඉඩ සොරකම් කිරීමක් සහ සාතිශය අපරාධයක් වන නිසා.

රන්ජන් රාමනායක අමාත්‍යතුමා කාලයක් හඬ නැගුවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 118 දෙනෙක් අර්ජුන් ඇලෝසියස් ගෙන් සල්ලි ගත්තා කියලා. ඒ නම් ලයිස්තුව වහාම හෙළි කරන්නයි අප කිව්වත් එය හෙළි කළේ නැහැ. ඊළඟට එතුමන් කිව්වා අධිකරණ ඉන්න විනිසුරුවන්ගෙන් 95% ක්ම දූෂිතයි කියලා. එය එසේනම් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින විනිසුරුවන් එකොළොස් දෙනාගෙන් දහ දෙනෙකු ම දූෂිත විය යුතුයි. මෙවැනි ප්‍රකාශ මගින් අධිකරණයේ ගෞරවය පළුදු නොකර දූෂිතයන් කවුදැයි නම් කරන්නයි අපි අභියෝග කළා. අද වනතුරු එහෙම දෙයක් කියාගන්නට බැරි වුණා. ඇමති මණ්ඩලයේ හයදෙනෙකු කොකේන් භාවිතා කරනවා කියලත් කිව්වා. අද වන තුරුත් එම හයදෙනා නම් කර නැහැ. ඒ වගේම කැබිනට්ටුවේ සිටින අමාත්‍යවරුන්ට ලැජ්ජාවකුත් නෑ. තමන්ට මෙහෙම අපහාස කරන පුද්ගලයා නියෝජ්‍ය අමාත්‍ය දූරය තියාගෙන ඉන්නවා. ඉතිහාසය පුරාම තමන් සිදුකරන ප්‍රකාශයන් සාක්ෂි සහිතව සනාථ කරගන්න නොහැකි වූ පුද්ගලයෙක් මාධ්‍යයේ ඉඩ සොරකම් කරමින් සිදුකරන පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපට රංගනය රටේ අනාගතයේ නාමයෙන් අප නවතා දැමිය යුතුව තිබෙනවා.

ඒ වගේම එතුමා සිරගත වී සිටින දේශපාලන සිරකරුවන්ගෙන් බන්ධනාගාර රෝහලේ සිටින සිරකරුවන්ගේ නම් ලැයිස්තුවක් කිව්වා. එහි මගේ නමත් තිබුනා. බන්ධනාගාර රෝහලට ලෙඩෙක් බලන්න ගියොත් ඇරුණුකොට මම නම් බන්ධනාගාර රෝහලේ ඉඳලා නැහැ. මම දුරකථනයෙන් කතා කරලා එතුමන්ට කිව්වා මේ වගේ වගකීම් විරහිත ප්‍රකාශයන් නැවත කරන්න එපා කියලා. මෙවැනි ඇමතිවරුන් ආණ්ඩුව සිතාමතාම නඩත්තු කරන්නේ රටේ සැබෑ ජනතා ප්‍රශ්න යටපත් කරලා බොරු ප්‍රශ්නවලින් මාධ්‍යවල ඉඩ පිරවීමේ කූට අරමුණින් බව අපි ඉතා වගකීමෙන් ප්‍රකාශ කරනවා.

– අරවින්ද අතුකෝරල

Hot this week

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

Topics

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img