(සටහන නිපුණ විජයසිංහ)
චමුදිත සමරවික්‍රම සහ කීර්ති රත්නායක යන දෙදෙනා සම්මුඛ සාකච්ජාවක් පවත්වා අදාළ සාකච්ඡාව චමුදිත සමරවික්‍රම විසින් Truth with Chamuditha යන Youtube නාලිකාවේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හරිනු ලැබීම හේතුවෙන් විජයදාස රාජපක්ෂට වෛරී සහ ද්වේශ සහතව සිදු කර ඇති අපහාසය සහ අවමානය වෙනුවෙන් රුපියල් මිලියන 1,000 ක වන්දි මුදලක් අයදිමින් ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් නුගේගොඩ දිසා අධිකරණයේ අංක 5575/2025 M නඩුවක් පවරනු ලැබ තිබෙනවා.
එමෙන්ම එම විත්තිකරවන්ට එරෙහිව වාරණ ආඥාවක් ද, අතුරු ඉන්ජන්ෂන් ආඥාවක් ද, ස්ථිර ඉන්ජන්ෂන් ආඥාවක් ද, විධානාත්මක ඉන්ජන්ෂන් ආඥාවක් ද අයද ඇති අතර එම ඉල්ලීම ජනාධිපති නීතීඥ ඉක්රාම් මොහමඩ් විසින් අධිකරණයේ තහවුරු කරනු ලැබීමෙන් අනතුරුව නුගේගොඩ දිසා විනිසුරු ගරු ආර්.ඒ.එම්. රාජපක්ෂ විසින් අද දින (2025 මැයි 09 දින) පැමිණිලිකරු අයද ඇති පරිදි විත්තිකරුවන්ට එරෙහිව වාරණ ආඥාවක් නිකුත් කර ඇත.
https://youtu.be/em1k8uRwykA





