මීගමුවෙන් තවත් ඩෙංගු මරණයක්

ඩෙංගු උනරෝගය වැලදී මෙන් මීගමුවේ පෞද්ගලික රෝහලක ඖෂධ වේදියෙකු මියගොස් ඇත.මෙසේ මියගොස් ඇත්තේ මිගමුව කට්ටුව සිරකදවුර පාරේ පදිංචිව සිටි කොඩිකාර ආරචිගේ නුවන් සමීර පෙරේරා නැමති 27 වියැති තරුණයෙකි.

මිගමුව නවලෝක රෝහලේ ඖෂධ වේදියෙකු ලෙස සේවයකර ඇති මොහුට 21 දින උනරෝගය වැලදී පෞද්ගලික වෛද්‍ය වරයෙකුගෙන් ප්‍රතිකාර ගෙන ඇති අතර 24 දින මිගමුව මහරෝහලට ඇතුලත් කර ඇත.

මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ ඩෙංගු දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබමින් සිටියදී  27 වනදින මියගොස් ඇත.

මේ පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය මිගමුව රෝහලේ ව්ශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වී කේ විජයවර්ධන මහතා විසින් සිදුකල අතර ඩෙංගු රක්තපාතය නිසා ඇතිවූ කම්පන තත්වයෙන් මරණය සිදුවුබව වාර්තා කර ඇත.

පස්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ ඉදිරි පත්වූ සාක්ෂි අනුව මෙම  ඩෙංගු රක්තපාත උනරෝගය නිසා සිදුවූ හදිසි මරණයක් බව මිගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරිජයන්ත වික්‍රමරත්න මහතා තීරණය කළේය.

මෙම මරණයත් සමග මිගමුව රෝහලෙන් මෙම මසතුල වාර්තාවූ ඩෙංගු මරණ සංඛ්‍යාව 5 කි.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img