මීගමුවෙන් තවත් ඩෙංගු මරණයක්

-

ඩෙංගු උනරෝගය වැලදී මෙන් මීගමුවේ පෞද්ගලික රෝහලක ඖෂධ වේදියෙකු මියගොස් ඇත.මෙසේ මියගොස් ඇත්තේ මිගමුව කට්ටුව සිරකදවුර පාරේ පදිංචිව සිටි කොඩිකාර ආරචිගේ නුවන් සමීර පෙරේරා නැමති 27 වියැති තරුණයෙකි.

මිගමුව නවලෝක රෝහලේ ඖෂධ වේදියෙකු ලෙස සේවයකර ඇති මොහුට 21 දින උනරෝගය වැලදී පෞද්ගලික වෛද්‍ය වරයෙකුගෙන් ප්‍රතිකාර ගෙන ඇති අතර 24 දින මිගමුව මහරෝහලට ඇතුලත් කර ඇත.

මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ ඩෙංගු දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබමින් සිටියදී  27 වනදින මියගොස් ඇත.

මේ පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය මිගමුව රෝහලේ ව්ශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වී කේ විජයවර්ධන මහතා විසින් සිදුකල අතර ඩෙංගු රක්තපාතය නිසා ඇතිවූ කම්පන තත්වයෙන් මරණය සිදුවුබව වාර්තා කර ඇත.

පස්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ ඉදිරි පත්වූ සාක්ෂි අනුව මෙම  ඩෙංගු රක්තපාත උනරෝගය නිසා සිදුවූ හදිසි මරණයක් බව මිගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරිජයන්ත වික්‍රමරත්න මහතා තීරණය කළේය.

මෙම මරණයත් සමග මිගමුව රෝහලෙන් මෙම මසතුල වාර්තාවූ ඩෙංගු මරණ සංඛ්‍යාව 5 කි.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here