මීගමුව, හරිස්චන්ද්‍ර ජාතික පාසලේ 77 වන උපන් දිනය අදයි

මීගමුව, හරිස්චන්ද්‍ර ජාතික පාසැල (මුල් නම : හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයය – HMV) ආරම්භ කොට අදට (04) වසර 77ක් සපිරෙයි.
කිතුණුවන් බහුල ‘පුංචි රෝමය’ ලෙසින් හැඳින්වෙන මීගමුව නගරයේ බෞද්ධ පාසැලක් ආරම්භ කළ යුතු යැයි යන අදහසට* අනුව මීගමුව, ධර්ම දුත සමිතියේ මුලිකත්වයෙන්,වර්ෂ 1942 ක්වූ ජනවාරි මස 04 වෙනිදා සිසුන් පස් දෙනෙකුගෙන් යුත් කුඩා පොල් අතු මඩුවක දී හිටපු අධ්‍යාපන ඇමති C W W කන්නන්ගර මැතිතුමන් ගේ ප්‍රධානත්වයෙන් හරිස්චන්ද්‍ර විද්‍යාලය ආරම්භ කරන ලදී. 
ඒ වෙනුවෙන් ඉඩම පරිත්‍යාග කර ඇත්තේ දිවංගත වෛද්‍ය C L A ද සිල්වා විසිනි. බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර තුමන් ට උපහාර පිණිස, ‘හරිස්චන්ද්‍ර’ නාමය විදුහලට යෝජනා කර ඇත්තේ හිටපු ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී M W අමරසුරිය විසිනි. M වැලිකන්න ගුරු පියාණන් ආරම්භක විදුහල්පති ලෙස පත්වූ අතර මහාචාර්ය ගුණපාල මලලසේකර විසින් ප්‍රථම දින ශිෂ්‍ය කණ්ඩායමට ‘අකුරු හෝඩිය’ කියවා ඇත.
ප්‍රථම සිසුවා ලෙස ඉතිහාස ගත වන භද්‍රානි මෙන්ඩිස් මහත්මිය, වෛද්‍ය C L A ද සිල්වා මයා ගේ මිණිපිරියක් වන අතර දැනට 82 වෙනි වියෙහි පසුවෙයි.
වත්මන් විදුහල්පති අරුණ ගුණසිරි මයා හරිස්චන්ද්‍ර විද්‍යාලයේ 20 වෙනි විදුහල්පතිවරයා ලෙස සැලකෙයි.
හිටපු අගවිනිසුරු පාරින්ද රණසිංහ ඇතුළු දිවයිනේ සුප්‍රසිද්ධ පුද්ගල චරිත ගණනාවකට මුලික අධ්‍යාපනය ලබාදී ඇති මීගමුවේ එකම බෞද්ධ ජාතික පාසැල වන හරිස්චන්ද්‍ර විදුහලේ දැනට සිසුහු 5,000කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය හදාරති.
 
හරිහඳ මවුනි, ඔබට සුභ උපන්දිනයක් වේවා!
*මෙය 1941 නොවැම්බර් 04 දින ධර්ම දුත සමිතියේ රැස්වීම් වාර්තාවේ සඳහන්ව ඇත. මෙම ලිපිය සම්පාදනයේදී සුජිතා මිරැන්ඩා විසින් රචිත විශේෂාංග ලිපියක තොරතුරු ඇසුරු කර ගැනිණි. 
දිනේෂ් උඩුගමසුරිය 

Hot this week

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

Topics

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img