32 C
Negombo
32 C
Negombo

වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක්

-

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දහවල් 12.00 ට මහජනතාව වෙත නිකුත්කර ඇති කාලගුණ අනාවැකියට අනුව  දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන අතරමධ්‍යම,සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00න්පමණ පසුව වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇති වේ.

වයඹ පළාතේත් මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

සබරගමුව පළාතේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.