චාලිට යුක්තිය ඉල්ලා මිගමුව පොලීසිය ඉදිරිපිට නිහඩ විරෝධයක්

-

ආදරයෙන් සතුන් රකිමු.” සත්වලෝලීන්ගේ සංවිධානය සත්ව අයිතීන් පිළිබද පනත  පාර්ලිමේන්තුවේ සම්මත කර දෙන මෙන් ඉල්ලා මීගමුවේ සත්ව ලෝලීන් සමග එක්වී අද 2019 ජනවාරි 6 වන මිගමුව  පොලිස් ස්ථානය අසල නිහඩ  විරෝධතාවයක්  පවත්වන ලදී

ජර්මන්  ජපන්  චීනය  බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් වලින් ශ්‍රීලංකාවට සංචාරය සදහා පැමිණසිටින සහ නේවාසික විසා මත ශ්‍රිලංකාවේ පදිංචිව සිටින විදේශිකයන් ඇතුළු මිගමුව සහ අවට ප්‍රදේශ වල සතුන්ට ආදරය කරන පිරිසක් මෙම නිහඩ  විරෝධතාවයක්ය එක්ව සිටිනු දක්නට ලැබුණි.

මීගමුවේ පෙරියමුල්ල ප්‍රදේශයේ නිවසක සුරතලයට ඇතිකරන ලද චාලි නමැති සුනඛයා පසුගිය 31 දින කුඩුවට ගිනි තැබීමෙන් ඇතිවූ බරපතල පිළිස්සුම් තුවාල නිසා මියගියඅතර එම අපරාධය සිදුකල අයට එරෙහිව කටයුතුකරන්නයි ඉල්ලීම ඇතුලත් පුවරුද විරෝධතා කරුවන් අත දක්නට ලැබුණි

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here