29 C
Negombo
29 C
Negombo

කටාන නල ජල යෝජනා ක්‍රමයේ දවසට මිලියනයක පස් සොරකම් කරයි.

-

කටාන  නල ජල යෝජනා ක්‍රමයේ ජලනල  එලීම සදහා කානුකැපීමේදී  දී ඉවත්කරන පස් ජාවාරම පිටුපස බලගතු  දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වනබව නන්ද විජයරත්න ද සිල්වා  කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රකාශකරයි.

ඔහු මෙම අදහස් ප්‍රකාශ කලේ ජලනල එලීම් සිදුවන වැඩබිම් වල මාධ්‍ය වේදීන් සමග සිදුකල නිරීක්ෂණ චාරිකාවක් අතර තුරදිය.

කලක් තිස්සේ ක්‍රියාත්මක වූ මෙම මහාපරිමාණ පස්ජාවරම නිත්‍යානුකූලලෙස පවත්වාගෙන යාමසදහා භූවිද්‍යා සහ පතල් කැනීමේ කාර්යාංශය 2019.01.14 දින නිකුත්කරනලද අවසර පත්‍රයක් සහ එම ලිපියේ පිටපතක් අමුණා කැතික් සමගම විසින් කටාන කොචිකඩේ සහ කටුනායක පොලිස් ස්ථානවලට යවන ලද ලිපියක ජායාපිටපතක් උපයෝගී කරගන්නා බවද  එය පස් ප්‍රවාහනය සදහා ලබාදුන් නීත්‍යානුකූල බලපත්‍රයක් නොවන බවටද සභා පතිවරයා චෝදනා කරයි .

දිනකට මිලියනයකට වැඩි වටිනාකමක් ඇති පස් කියුබ් 200 කට වැඩි ප්‍රමාණයක් මෙම මාපියාව විසින් අලවිකරණ බවද  සභාපති වරයා අවධාරණය කර සිටියේය

මෙම ජාවාරම පිලිබදව කටාන ආසනය නියෝජනය කරනවිශේසඥ වෛද්‍ය සුදර්ශිනී  ප්‍රනාන්දුපුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුමියට මෙන්ම  බස්නාහිර පළාත්සභා මන්ත්‍රිනී  නීතිඥ රෝස් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂයේ කටාන ආසන සංවිධායිකා තුමිය ද  දැනුවත් කර ඇතත් කිසිදු පලක් නොවූ බවද නන්ද විජයරත්න ද සිල්වා  කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.