කටාන නල ජල යෝජනා ක්‍රමයේ දවසට මිලියනයක පස් සොරකම් කරයි.

කටාන  නල ජල යෝජනා ක්‍රමයේ ජලනල  එලීම සදහා කානුකැපීමේදී  දී ඉවත්කරන පස් ජාවාරම පිටුපස බලගතු  දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වනබව නන්ද විජයරත්න ද සිල්වා  කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රකාශකරයි.

ඔහු මෙම අදහස් ප්‍රකාශ කලේ ජලනල එලීම් සිදුවන වැඩබිම් වල මාධ්‍ය වේදීන් සමග සිදුකල නිරීක්ෂණ චාරිකාවක් අතර තුරදිය.

කලක් තිස්සේ ක්‍රියාත්මක වූ මෙම මහාපරිමාණ පස්ජාවරම නිත්‍යානුකූලලෙස පවත්වාගෙන යාමසදහා භූවිද්‍යා සහ පතල් කැනීමේ කාර්යාංශය 2019.01.14 දින නිකුත්කරනලද අවසර පත්‍රයක් සහ එම ලිපියේ පිටපතක් අමුණා කැතික් සමගම විසින් කටාන කොචිකඩේ සහ කටුනායක පොලිස් ස්ථානවලට යවන ලද ලිපියක ජායාපිටපතක් උපයෝගී කරගන්නා බවද  එය පස් ප්‍රවාහනය සදහා ලබාදුන් නීත්‍යානුකූල බලපත්‍රයක් නොවන බවටද සභා පතිවරයා චෝදනා කරයි .

දිනකට මිලියනයකට වැඩි වටිනාකමක් ඇති පස් කියුබ් 200 කට වැඩි ප්‍රමාණයක් මෙම මාපියාව විසින් අලවිකරණ බවද  සභාපති වරයා අවධාරණය කර සිටියේය

මෙම ජාවාරම පිලිබදව කටාන ආසනය නියෝජනය කරනවිශේසඥ වෛද්‍ය සුදර්ශිනී  ප්‍රනාන්දුපුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුමියට මෙන්ම  බස්නාහිර පළාත්සභා මන්ත්‍රිනී  නීතිඥ රෝස් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂයේ කටාන ආසන සංවිධායිකා තුමිය ද  දැනුවත් කර ඇතත් කිසිදු පලක් නොවූ බවද නන්ද විජයරත්න ද සිල්වා  කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img