32 C
Negombo
32 C
Negombo

ETI අධ්‍යක්ෂක මණ්ඩලයේ හතරදෙනෙකු ඇපමත මුදාහරී

-

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ම්න්ට් (ETI) මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්හතර දෙනෙකු වන   දීපා එදිරිසිංහ ,නාලක  එදිරිසිංහ අසංක එදිරිසිංහ, සහ ජීවක එදිරිසිංහ යන අයට ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇපමත මුදාහැරීමට මිගමුව ප්‍රධාන  මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය  විසින් 28 වනදින නියෝග කළේය.

මිගමුව කුරණ  මංගල පාරේ පදිංචි අනුෂා ජයන්ති මහත්මිය විසින් 2011 අංක 42  මුදල් ව්‍යාපාර පනතේ 20 වන වගන්තිය    යටතේ  ගොනුකරන ලද නඩුවකට අදාලව අධිකරණය විසින් නිකුත් කර තිබු නොතිසියකට අනුව අධිකරණයහමුවේ පෙනීසිටි   එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ම්න්ට් (ETI) මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්හතර දෙනෙකු මෙසේ ඇපමත මුදාහරිනු ලැබූ අතර වැඩිදුර විමර්ශන කටයුතු සදහා 2019 .03 05 මෙම නඩුව යලි කැදවීමට දින නියම කරනු ලැබිය

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ම්න්ට් (ETI) මුල්‍ය ආයතනයේ තැන්පත් කරුවන්  පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට  නිහඩ විරෝද තාවයක නිරතවිය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.