කටානේ ජනතාවට අයිති දේපල මංකොල්ල කන්නේ – දේශපාලන අනුග්‍රහයෙන්ද ?

-

කටාන  නල ජල යෝජනා ක්‍රමයේ ජලනල  එලීම සදහා කානුකැපීමේදී  දී ඉවත්කරන පස් ප්‍රවාහනය  සදහා නීත්‍යානුකූල ප්‍රවාහන බලපත්‍ර ලබාගෙන නැතිබව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැනීමේ කාර්යාංශයේ ගම්පහ දිස්ත්‍රික් කැනීම් ඉංජිනේරු  ඉන්ද්‍රජිත් මහතා ප්‍රකාශකළේය..

 

ජලනල එලීම් සිදුවන වැඩබිම් වල පස් ජාවාරම් කාරයන් විසින් නිත්‍යානුකූල නොවන ආකාරයෙන් ප්‍රවාහනය කර අලවිකරණ බවට සිදුකල පැමිණිලි පිලිබදව විමර්ශනය කිරීමට එම වැඩබිම් වලට පැමිණ සිදුකල විමර්ශනයකින්  අනතුරුව  කැනීම් ඉංජිනේරුවරයා මෙම තොරතරු  අනාවරණය කළේය.

කලක් තිස්සේ ක්‍රියාත්මක වූ මෙම මහාපරිමාණ පස්ජාවරම නිත්‍යානුකූලලෙස පවත්වාගෙන යාමසදහා භූවිද්‍යා සහ පතල් කැනීමේ කාර්යාංශය 2019.01.14 දින නිකුත්කරනලද අවසර පත්‍රයක ජයා  පිටපතක්සහ කැතික් සමගම විසින් කටාන කොචිකඩේ සහ කටුනායක පොලිස් ස්ථානවලට යවන ලද ලිපියක ජායාපිටපතක් උපයෝගී කරගෙන  දැනට කරන පස් ප්‍රවාහනය නීතිවිරෝධී බවද   නීත්‍යානුකූල බලපත්‍ර ලබාගන්නා තෙක් පස් ප්‍රවාහනය නතර කරන ලෙස කැතික් සමාගමට දැනුම් දුන් බවද පැවසූ  . කැනීම් ඉන්ජිනේරු  ඉන්ද්‍රජිත් මහතා දැනට භාවිතා කරන ව්‍යාජ බලපත්‍රය පිලිබදව පොලිසිය දැනුවත් කිරීමට පියවර ගන්නා බවද අප වෙබ්අඩවිය සමග  පැවසීය

දිනකට මිලියනයකට වැඩි වටිනාකමක් ඇති පස් කියුබ් 200 කට වැඩි ප්‍රමාණයක් කැණීම සිදුකරන බවත් ඒ එම පස් අලවිකරණ බවත් ඒ සදහාරජයට ලැබිය යුතු  රාජ්‍ය භාගය ලැබෙනවාදැයි   අප කල විමසීමේදී කැනීම් ඉංජිනේරු  ප්‍රකාශකලේ අවසර ලබාගෙන  ඇති පස් කියුබ්  140000 කැණීම සදහාද මෙතෙක් නොගෙවා ඇති රාජ්‍යභාගය වහාම  ගෙවන ලෙස උපදෙස් දෙනබවයි

මේ අනුව මෙතෙක්කලක් සිදුකල පස් ප්‍රවාහනය සහ අලවිය කුටලේඛන භාවිතා කරමින් සිදුකල නීතිවිරෝධී ජාවාරමක් බව පෙනීයයි.(එම ලේඛන වල ජයා පිටපත් පහලින් යාකර ඇත )

කටාන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පාසැල් ක්‍රීඩාංගන පොදු ක්‍රීඩාංගන පන්සල් පල්ලි වැනි පොදු ස්ථාන සංවර්ධන යට යොදා ගත හැකි දවසකට කණිනු ලබන මිලියනයක් පමණ වටිනාකමක්ඇති පස් තව දුරටත් ජාවාරම් කරුවන්ට ව්කුනාගැනීමට ඉඩදෙන්නේ නම කටානේ ජනතාවගේ ජන්දයෙන් පර්ලිමේන්තුව නියෝජනය කරන  මන්ත්‍රීවරියක්ව සිටින සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ සහ  පළාත් සභාව නියෝජනය කරන රෝස් ප්‍රනාන්දු මන්ත්‍රීවරියන් මෙන්ම ලලිත් වනිගරත්න පළාත් අමාත්‍යවරයා මෙන්ම ආනන්ද හරිස්චන්ද්‍ර ,උපුල් රාජිත, ලලන්ත ගුණසේකර, රජිත හපුආරච්චි යන පළාත් සභා මන්ත්‍රී වරු මෙන්ම නන්ද විජයරත්න ද සිල්වා කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු දෙනාම වගකිව යුතුය.

මෙම පස් ජාවරමට තමන් හවුල් නැතිබව පෙන්වීමට ඇති හොදම සහ එකම ක්‍රියාමාර්ගය මේ නීතිවිරෝධී ජාවාරම පිලිබදව පොලිසියටමේ දේශපාලකයන් විසින්  ලිඛිතව  පැමිණිලිකිරීම බව අපගේ අදහසයි.

අනවසර කැනීම් පිලිබදව 0718738339 දුරකථනයට දැනුම් දියහැකිය

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here