ලක්ෂමන් කිරිඇල්ල කියන්නේ පට්ටපල් බොරු – මහින්ද රාජපක්‍ෂ

-

ව්‍යවස්ථා කෙටුම්පත පිලිබදව ලක්ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයා පට්ටපල් බොරු ප්‍රකාශ කරනබව විපක්‍ෂ නායක  මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්‍ෂ නායකවරයා මෙම අදහස් ප්‍රකාශ කලේ මීගමුවේ ඉදිකළ නව සංචාරක හෝටලයක් විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඉදිරිපත්කල ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ව්‍යස්ථ කෙටුම පතේ 75% ක් ඇත්තේ සර්වපාක්ෂික සමුළුවේදී තමන් එකගවූ කරුණු බවට ලක්ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයා කරන ප්‍රකාශ පට්ටපල් බොරුබවත් ඔහු කියන්නේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති තුමිය එකගවූ කරුණු පිලිබදව බවද විපක්ෂ නායක වරයා පැවසීය

මෙහිදී මැතිවරණ කොමසාරිස්වරයාකරන ලද  ඉල්ලා අස්වීමේ ප්‍රකාශය පිලිබදව අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කලයුතු වන්නේ  අස්වෙන බව කියමින් මධ්‍යහමු පැවැත්වීම නොව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පියවරගැනීම බවස්දහන්කළේය.

තවදුරටත් අදහස් පල කල විපක්‍ෂ නායක වරයා   අලුත් නීතියක් ක්‍රියාත්වීම ආරම්භ වනතෙක් බලපැවැත්වෙන්නේ එම නීතියට පෙර තිබු නිතිය නිසා පැරණි ක්‍රමය යටතේ මැතිවරණ කොමිසමට පළාත් සභා මැතිවරණය පැවත්ත්විමට හැකියාව ඇතිබවත්  කොමිසමේ සභාපති වරයා ඒ අනුව විසුරුවා හැර ඇති පළාත් සභා සදහා මැතිවරණයක් ප්‍රකාශ කලයුතු බව ද පෙන්වා දුන්නේය.

මැතිවරණ කොමිසමේ තීරණයට එරෙහිවන අයට  උසවිගොස් තීරණයක් ලබාගත හැකිබවද විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ  මහතා පෙන්වා දුන්නේය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here