31 C
Negombo
31 C
Negombo

අද දිවයිනේ වැසි තත්වයේ වැඩිවීමක්

-

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දහවල් 12.00 ට මහජනතාව වෙත නිකුත්කර ඇති කාලගුණ නිවේදනයට අ අනුව දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල බලාපොරොත්තුවේ

නැගෙනහිර, ඌව, උතුර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ.සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුර, උතුරු මැද, මධ්‍යම, බස්නාහිර, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක.දිවයිනේ සෙසු ප්‍රදේශවලඇතැම් ස්ථාන වලට මි.මී. 75 වැඩි තරමක තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලබයි .

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.