29 C
Negombo
29 C
Negombo

කටුනායක අධිආරක්ෂිත කලාපයේ කැමරාවක් ගුවන් ගතකල හතරක් අත්අඩංගුවට

-

කටුනායක අධිආරක්ෂිත කලාපයට අයත් දමින්නගහවත්ත ප්‍රදේශයේ ඩොර්නර  කැමරාවක් ක්‍රියාත්මක කල මාලදිවයින් ජාතික සිසුන් තිදෙනෙකු සහ සිසුවියක් කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අබ්දුල්හ් විෂාහ ඊබ්‍රහිම්,අලිමොහොමඩ් අම්මාන් ,ඊබ්‍රහිම් හම්දහන් ,යන සැකකරුවන් සහ අල්නාත් අමිනා බින්ති ඉබ්‍රැනීම් නමැති වැඩිදුර අධ්‍යාපනය සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින මාලදිවයින් ජාතික සිසුන් තිදෙනෙක් සහ සිසුවියකි.

මීරිගම පිහිටි ගුවන්හමුදා  කදවුරරේ රේඩාර් මධ්‍යස්‌ථානයට මෙම  ඩොර්නරයානය ගුවන්ගත කර තිබෙනු නිරීක්ෂණය වී ඇතිඅතර එමකදවුර මගින්  කටාන පොලිසියට දැනුම දී ඇත.

මෙම හතරදෙනා 2 වන දින රාත්‍රී 8.00 ට පමණ  ඔවුන් තාවකාලිකව පදිංචිව සිටි අංක 520/2 දමින්න ගහවත්ත කිබුලාපිටිය ලිපිනයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ රාත්‍රී ජංගම සේවයේ නියුතුව සිටි පොලිස් සැරයන් 53155 සුදත් ගුණවර්ධන ඇතුළු පොලිස් නිලධාරීන් විසිනි.

කටාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කෝසල නවරත්න මහතා ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර ඩොර්නරයානය සහ සැකකරුවන් අධිකරණයට ඉදිරි පත් කිරීමට නියමිතය .

පුස්තකාල ජායාරුපයකි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.