32 C
Negombo
32 C
Negombo

කුඩා ගග ලෙල්ලම ව්‍යාපෘතියේ නාම පුවරුවෙන් රොයිස් හැලුවේ කවුද ?

-

 

සන්ධාන රජයන් පැවති කාලයේ  ව්‍යාපෘති ආරම්භ කිරීමේදී සමරුපලකයේ සිට විනයානුකුලව කටයුතු සිදු කලබව මිගමුව එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක නාගරික මන්ත්‍රී  රොයිස් විජිත ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු  මේබව සදහන්කලේ   මිගමුව කලපුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අධියරේ හතරවන කොටසේ  කුඩා ගග ලෙල්ලම ප්‍රදේශයේ රොන්මඩ ඉවත්කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

මෙම උත්සවය පිලිබදව තමන්ට දැනගන්නට ලැබුනේ පෙරදින සවස බවද පැවසූ රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ තොරතුරු සදහන් වන පුවරුවේ ආසන සංවිධායක වශයෙන් තමන්ගේ ජායාරුපය නොමැතිවීම පිළිබදව කනස්සල්ල ප්‍රකාශකළේය.

දැනට සවිකර ඇති පුවරුව ගලවා ඉවත්කර තමන්ගේ ජායාරුපයද ඇතුලත් කර නව පුවරුවක් සවිකිරීමට දිලිප් වෙදආරච්චි ධිවර සහ ජලජ සම්පත් රාජ්‍ය  අමාත්‍යවරයා උපදෙස්දුන් බවද මිගමුව එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක නාගරික මන්ත්‍රී  රොයිස් විජිත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසිය.

රැස්වීමේ වැඩකටයුතු අවසන්වීමත් සමග ප්‍රශ්නගත නාමපුවරුව ගලවා ඉවත්කරනු දක්නට ලැබුණි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.