31 C
Negombo
31 C
Negombo

වැස්ස වැඩිවෙන ලකුණු-අකුණු ගැනත් අවදානයෙන්

-

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද 15 දින මධ්‍යහන 1200 ට මහජනයා සඳහා නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව

ඉදිරි දින දෙක තුලදී (පෙබරවාරි මස 16 සහ 17) වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවේ.

නැගෙනහිර, උතුරු-මැද, උතුරු සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇති විය හැක.

සබරගමුව, මධ්‍යම, ඌව පළාත්වලත් කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකඅකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.