මිගමුව රෝහලේ අබලන් විදුලි සෝපාන මරුවාට අතවනයි

-

මිගමුව රෝහලේ විදුලි සෝපාන නිරන්තරයෙන්  ආපදාවට ලක්වන නිසා එය බාවිතා කිරීම අනතුරු දායක බව සදහන් කරමින් කාලයක් තිස්සේ දැන්වීම අලවා ඇති අතර ලක්ෂ ගණනක් වැයකර  අලුත් වැඩියා කරන ලද විදුලි සෝපානය ද අද රාත්‍රී .7 .00 ට පමණ සිරවී ඇතිබව අපගේ රෝහල් ආරංචිමාර්ග පවසයි.

සෝපාන ආපදාවට ලක්වීමෙන්  රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම රෝගීන් සහ ඔවුන්ගේ සුවදුක් බැලීමට එන ඥාති මිත්‍රයන් ද අපහසු තාවයන්ට පත්වේ.

මේ ආයතන වල විවිධ නම්වලින් තනතුරු දරමින්  ජනතාවගේ බදුමුදලින් ජිවත්වන පාලකයන්ට   විදුලි සෝපානය දෝසසහිත බවට දැන්වීමක් අලවා තැබීම පිලියමක් නොවන බව වටහා ගැනීමට තරම් මොලයක්  නැතැයි මෙපිලිබදව අපසමග අදහස් පලකල උපස්ථායක මහතෙකු පැවසිය.

මහල් ගොඩනැගිල්ල  අලුත් වැඩියාවෙන් පසු නැවත ආරම්භ කිරීමට පෙර විදුලි සෝපාන ගැටලුව විසදාගැනීමට කටයුතු නොකළේ සුළු සේවකයන්ගේ කරමතින් රෝගීන් ඉහල මහල් වලට ගෙනයාමට පාලකයන් සැලසුම් කර තිබුන නිසා වියහැකි බවද රෝහල් කනිටු කාර්ය මණ්ඩල සාමාජිකයෙක් වැඩිදුරටත් පැවසිය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here