29 C
Negombo
29 C
Negombo

ගංජා ගුලි 5000 ක් සමග 58 හැවරදී උඩුගම්පොල ව්‍යාපාරිකයා අත්අඩංගුවට

-

මිනුවන්ගොඩ ගම්පහ ප්‍රදේශ ආශ්‍රිතව ගංජා අධිමාත්‍රාවෙන් යුක්ත  මත්වීම සදහා භාවිතා කරන මෝදක ගුලි 5000 ක් සමග 58 හැවරදී  ව්‍යාපාරිකයෙකු  පෑලියගොඩ දිසා දුෂණ මර්ධන ඒකකය විසින් මිනුවන්ගොඩ උඩුගම්පොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන් ඇත.

දීසා දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක  මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදුකල වැටලීමකින්  මෙම ව්‍යාපාරිකයා සහ ඔහු සන්තකයේ තිබු  මත්ද්‍රව්‍ය  අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. බෙදාහැරීමේ නියෝජිතයෙකු වශයෙන් පාරිභෝගික භාණ්ඩ වර්ග ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථානවලට බෙදාහැරීම් කරන අතරතුර මෙම මෝදකගුලිද බෙදා හැර ඇතිබව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

මොහුගෙන් මෙම මෝදක ගුලි මිලදීගෙන ඇති ව්‍යාපාරික ස්ථාන බොහොමයක්ම පාසල් ආසන්නයේ පිහිටා ඇති බවද අනාවරණය කරගැනීමට විමර්ශන වලදී හැකිව තිබේ.

බස්නාහිර උතුර බාර නියෝජ්‍ය පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුව සිදුකල මෙම වැටලීමටපොලිස් සැරයන්29515 ආනන්ද    පොලිස් කොස්තාපල්වරුන්  වන 82594 අජිත් 73380 අමිල 43964 සිවකුමාර යන නිලධාරීන් ද සහභාගිවී ඇත.

වැඩිදුර විමර්ශන වලින් අනතුරුව සැකකරු මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.