30 C
Negombo
30 C
Negombo

මිගමුව උසාවිය සහ රෝහල ඉදිරිපිට මහපාරේ නවත්වන වාහනවලින් නීතිවිරෝධී ගාස්තු අයකිරීමක්

-

මිගමුව නගරයේ විවිධ ස්ථානවල නිත්‍යානුකූල බලයක් නැති පුද්ගලයන් විසින් පොදු  දේපල පරිහරණය කරන මහජනතාවගෙන් මුදල් අයකරන  බව අපකළ විමර්ශනයකදී අනාවරණය විය.

පාරිභෝගික ආරක්ෂණ අධිකාරී පනතට අනුව ඕනෑම විකිනීමකදී හෝ සේවා සැපයිමකදී මුදල් ගෙවන පාරිභෝගිකයාට රිසිට් පතක් ලබා ගැනීමේ අයිතියක් ඇත.

මිගමුව උසාවිය ඉදිරිපිට  වාහන ගාල්කිරීම සදහා මුදල් අයකරණ අතර ඒ සදහා රිසිට් පතක් නිකුත් නොකරන අතර මාළු මිලදී ගැනීමට පැමිණෙන වෙළදුන්  ගෙන්   මිලදීගන්නා මාළුවල වට්නාකමට අනුව මුදල් ලබාගන්නා පුද්ගලයන් ද ඒ සදහා රිසිට් පතක් ලබානොදෙන බව ද අනාවරණය විය

මෙම සමහර ස්ථානවල එවැනි පුද්ගලයන් විසින් දිනකට රුපියල් දහස් ගණනින් උපයා ගන්නේ  කිසිදු ආයතනයකින් ලබාගත් හෝ පවරන ලද අවසරයකින් තොරවය.

මිගමුව මහරෝහල අසල මහපාරේ නවත්වන යතුරු පැදි සදහාද මුදල් ගෙවීමට සිදුවී ඇත.

කිසිදු භාණ්ඩයක් හෝ සේවාවක් සපයන්නේ නැතිව  යමෙක් මහජනතාවගෙන් මුදල් ලබගන්නේනම් එය නීතියට අනුව කප්පම් ලබගැනිමකි.

මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තුමනි මේ ඔබේ අවධානය පිණිසයි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.