මදුෂ් ගේ කෝටි අටක කුඩු මීගමුවේ දී අත්අඩංගුවට

රුපියල් කෝටි අටක පමණවෙළද  පොලවටිනකමක් ඇති මත්කුඩු කිලෝග්‍රෑම් 8 ක් සහ ග්‍රෑම් 709 ක් සමග සංචාරක මගපෙන්වන්නෙකු මිගමුව පෝරුතොට තක්කියා පාරේදී අද 22 අලුයම  අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අංක 174/43/E ආබ්දීන් මාවත තක්කියා පාර කොචිචිකඩේ ලිපිනයේ පදිංචි සෙයිදීන් ආබ්දීන් මොහමඩ් රිෆ්කාන් නමැති අයෙකි.

මිගමුව කොට්ටාශයේ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතාට ලැබුණු පෞද්ගලික තොරතුරකට අනුව සිදුකල විමර්ශන වලින් ලැබුණු තොරතුරු අනුව සැකකරු ඔහුගේ නිවසේදී අත්අඩංගුවට  ගෙන කරන ලද සෝදිසියේදී  නිවසේ නවතා තිබුමෝටර් රථය තුල තිබී කිලෝග්‍රෑම් 1 ක් සහ ග්‍රෑම් 30 ක් සහිත  හෙරොයින් පාර්සලය සොයාගැනීමට හැකිවී ඇත.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේද හෙළිදරවු කරගත් තොරතුරුවලට අනුව නිට්ටබුව  තිහාරියේ නිවසක සගවා තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 3 ක් සහ ග්‍රෑම් 865 ක් සහ හෑශ් මත්කුඩු කිලෝග්‍රෑම් 3 ක් සහ ග්‍රෑම් 814 ක් සොයාගෙන ඇති අතර මෙම නිවාස සැකකරු විසින් රුපියල් 10000 ක මාසික කුලියට ගෙන බිරිද සහ දරුවා සමග පදිංචිව සිට ඇත.

දැනට සිදුකර ඇති විමර්ශන වලට අනුව ඩුබායිහි  අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකදුරේ මදුෂ්  මේ කුඩු සමග යම් සම්බන්ධයක් ඇති බවට පොලිසිය සැකකරයි.

මෙම වැටලීම සදහා පොලිස් සැරයන් 52609 ජයකොඩි පොලිස් කොස්තාපල් වරුන්වන 78142 ප්‍රභාත් 82750 ගයාන් ,87928 වන්නිනායක,82442 පෙරේරා ,88441 හපුවිට ,31877 චතුරංග , සහ පොලිස් රියදුරු 80931 රොහාන් යන නිලධාරින්ධ සහභාගිවී ඇත.

සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත්කර රැදවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරාල මහතා පැවසිය.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img