32 C
Negombo
32 C
Negombo

මදුෂ් ගේ කෝටි අටක කුඩු මීගමුවේ දී අත්අඩංගුවට

-

රුපියල් කෝටි අටක පමණවෙළද  පොලවටිනකමක් ඇති මත්කුඩු කිලෝග්‍රෑම් 8 ක් සහ ග්‍රෑම් 709 ක් සමග සංචාරක මගපෙන්වන්නෙකු මිගමුව පෝරුතොට තක්කියා පාරේදී අද 22 අලුයම  අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අංක 174/43/E ආබ්දීන් මාවත තක්කියා පාර කොචිචිකඩේ ලිපිනයේ පදිංචි සෙයිදීන් ආබ්දීන් මොහමඩ් රිෆ්කාන් නමැති අයෙකි.

මිගමුව කොට්ටාශයේ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතාට ලැබුණු පෞද්ගලික තොරතුරකට අනුව සිදුකල විමර්ශන වලින් ලැබුණු තොරතුරු අනුව සැකකරු ඔහුගේ නිවසේදී අත්අඩංගුවට  ගෙන කරන ලද සෝදිසියේදී  නිවසේ නවතා තිබුමෝටර් රථය තුල තිබී කිලෝග්‍රෑම් 1 ක් සහ ග්‍රෑම් 30 ක් සහිත  හෙරොයින් පාර්සලය සොයාගැනීමට හැකිවී ඇත.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේද හෙළිදරවු කරගත් තොරතුරුවලට අනුව නිට්ටබුව  තිහාරියේ නිවසක සගවා තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 3 ක් සහ ග්‍රෑම් 865 ක් සහ හෑශ් මත්කුඩු කිලෝග්‍රෑම් 3 ක් සහ ග්‍රෑම් 814 ක් සොයාගෙන ඇති අතර මෙම නිවාස සැකකරු විසින් රුපියල් 10000 ක මාසික කුලියට ගෙන බිරිද සහ දරුවා සමග පදිංචිව සිට ඇත.

දැනට සිදුකර ඇති විමර්ශන වලට අනුව ඩුබායිහි  අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකදුරේ මදුෂ්  මේ කුඩු සමග යම් සම්බන්ධයක් ඇති බවට පොලිසිය සැකකරයි.

මෙම වැටලීම සදහා පොලිස් සැරයන් 52609 ජයකොඩි පොලිස් කොස්තාපල් වරුන්වන 78142 ප්‍රභාත් 82750 ගයාන් ,87928 වන්නිනායක,82442 පෙරේරා ,88441 හපුවිට ,31877 චතුරංග , සහ පොලිස් රියදුරු 80931 රොහාන් යන නිලධාරින්ධ සහභාගිවී ඇත.

සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත්කර රැදවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරාල මහතා පැවසිය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.