මිග් යානා මිලදීගැනීම තනි පුද්ගලයෙකුගේ තීරණයක් නොවෙයි -ඝෝඨාභය රාජපක්‍ෂ

-

 

ස්ථාවරබලයක් තිබෙන  මධ්‍යම ආණ්ඩුවක් ප්‍රතිපත්තිවල ස්ථිරබව  විනිවිධ භාවයද නිවැරදි තීරණ නිසි අවස්ථාවේ ගතහැකි පුද්ගලයන් රට තුල නොවීම නිසා පසුගිය වසර තුනහමාරක කාලය තුල විදේශීය ආයෝජකයන් ලංකාවට නොපැමිණි බව හිටපු ආරක්ෂක ලේකම් ඝෝටභය රාජපක්ෂ මහතා ප්‍රකාශකලේය

ඒ මහතා මෙම අදහස් ප්‍රකාශකලේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටියේ පැවති එලිය සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයාගේ දෙසුම පවත්වමිනි.

අපේ රටේ  ආණ්ඩු මරුවනවිට පමණක් නොව අමාත්‍යවරයා මාරුවන අවස්ථාවලදී ද ප්‍රතිපත්ති මරුවනවා එවනිරටකට ආයෝජකයන් එන්නේ නෑ.කර්මාන්ත අධ්‍යාපන කෘෂිකර්ම ආදී සියලු කේෂ්ත්‍ර සදහා ප්‍රතිපත්ති සකස් කලයුතුයි.

ඕනෑම දෙයක් නිවැරදිව සිදු නොකලොත් අවසන් ප්‍රතිපලය නිවැරදි වන්නේ නැහැ 30 වසරක යුද්ධය වසර තුනහමාරකින් අවසන් කලහැකි වුයේ ස්ථාවර බලයක් තිබු මහින්ද රාජපක්ෂ රජය යුද්ධය අවසන් කරන බවට ස්ථිර ප්‍රතිපත්තියක් පිහිටා කටයුතුකිරිම නිසා බවද ඝෝටභය රාජපක්ෂ මහතා පැවසිය.

ස්ථාවර රාජ්‍යක් ස්ථිර ප්‍රතිපත්ති මෙන්ම විනිවිධ භාවයද ආයෝජකයන් ආයෝජනයේදීසොයාබලන වැදගත් සාධකයක්.බව සදහන් කල ඝෝටභය රාජපක්ෂ මහතා ගුවන් හමුදාවට මිග්යානා මිලදීගැනීම ඉතාමත් ඉහල විනිවිධ බාවයකින් සිදුකල ගනුදෙනුවක් බව බයනැතිව ප්‍රකාශ කළහැකි බවද පැවසිය.

එවකට තිබු එජාප ආණ්ඩුවට මිග් යානා අවශ්‍ය බවට ඉල්ලීම් කලේ ගුවන් හමුදාව විසින් බවද පෙන්වාදුන් හිටපු ලේකම් වරයා මහින්ද රාජපක්‍ෂ රජය කාලයේ සිදුකල  මිග්යානා මිලදීගැනීමේදී  අවශ්‍ය ප්‍රහාරක යානා පිලිබදව තීරණය කලේ ගුවන් හමුදාව බවද ගුවන් යනානවලතාක්ෂණික යෝග්‍ය තාවය තීරණය  කලේ ගුවන් හමුදාව ඇතුළු තාක්‍ෂණික කමිටුවක් විසින්.බව පෙන්වා දුන්නේය.

මිලගණන් සාකච්චා කර තීරණය කිරීම සදහා කැබිනට් මණ්ඩලය පත්කළ කමිටුවක් තිබුණු බව පැවසූ ඝෝටභය  රාජපක්ෂ ලේකම්වරයා එමකොමිටියේ හිටපු ප්‍රධානියා පසුකලක මේ රටේ විගණකාධිපතිවරයා වූ බවද ඔහු ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු වශයෙන්ද කටයුතුකල බවද සදහන් කළේය.

මිග් යානා මිලදී ගැනීම තනි පුද්ගලයෙකුගේ  තීරණයක් නොව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැහැදිලි ක්‍රමවේදයක් ඇතිව කල මිලදී ගැනීමක් බව රාජපක්ෂ මහතා අවධාරණය කළේය.සියලු අවියුධ මිලදීගැනීම සිදුකලේ මෙවැනි විනිවිධ භාවයකින් බවත් ආයෝජකයන් අපේක්‍ෂා කරන්නේ මෙවැනි විනිවිධ භාවයක් බව ද සදහන් කල හිටපු ආරක්ෂක ලේකම් ඝෝටභය රාජපක්ෂ මහතා නිවැරදි තීරණ නිසි අවස්ථාවේ ගතහැකි පුද්ගලයන් රට තුල සිටිමද ආයෝජකයන් බලාපොරොත්තු වන බවද සදහන් කළේය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here