මිග් යානා මිලදීගැනීම තනි පුද්ගලයෙකුගේ තීරණයක් නොවෙයි -ඝෝඨාභය රාජපක්‍ෂ

ස්ථාවරබලයක් තිබෙන  මධ්‍යම ආණ්ඩුවක් ප්‍රතිපත්තිවල ස්ථිරබව  විනිවිධ භාවයද නිවැරදි තීරණ නිසි අවස්ථාවේ ගතහැකි පුද්ගලයන් රට තුල නොවීම නිසා පසුගිය වසර තුනහමාරක කාලය තුල විදේශීය ආයෝජකයන් ලංකාවට නොපැමිණි බව හිටපු ආරක්ෂක ලේකම් ඝෝටභය රාජපක්ෂ මහතා ප්‍රකාශකලේය

ඒ මහතා මෙම අදහස් ප්‍රකාශකලේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටියේ පැවති එලිය සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයාගේ දෙසුම පවත්වමිනි.

අපේ රටේ  ආණ්ඩු මරුවනවිට පමණක් නොව අමාත්‍යවරයා මාරුවන අවස්ථාවලදී ද ප්‍රතිපත්ති මරුවනවා එවනිරටකට ආයෝජකයන් එන්නේ නෑ.කර්මාන්ත අධ්‍යාපන කෘෂිකර්ම ආදී සියලු කේෂ්ත්‍ර සදහා ප්‍රතිපත්ති සකස් කලයුතුයි.

ඕනෑම දෙයක් නිවැරදිව සිදු නොකලොත් අවසන් ප්‍රතිපලය නිවැරදි වන්නේ නැහැ 30 වසරක යුද්ධය වසර තුනහමාරකින් අවසන් කලහැකි වුයේ ස්ථාවර බලයක් තිබු මහින්ද රාජපක්ෂ රජය යුද්ධය අවසන් කරන බවට ස්ථිර ප්‍රතිපත්තියක් පිහිටා කටයුතුකිරිම නිසා බවද ඝෝටභය රාජපක්ෂ මහතා පැවසිය.

ස්ථාවර රාජ්‍යක් ස්ථිර ප්‍රතිපත්ති මෙන්ම විනිවිධ භාවයද ආයෝජකයන් ආයෝජනයේදීසොයාබලන වැදගත් සාධකයක්.බව සදහන් කල ඝෝටභය රාජපක්ෂ මහතා ගුවන් හමුදාවට මිග්යානා මිලදීගැනීම ඉතාමත් ඉහල විනිවිධ බාවයකින් සිදුකල ගනුදෙනුවක් බව බයනැතිව ප්‍රකාශ කළහැකි බවද පැවසිය.

එවකට තිබු එජාප ආණ්ඩුවට මිග් යානා අවශ්‍ය බවට ඉල්ලීම් කලේ ගුවන් හමුදාව විසින් බවද පෙන්වාදුන් හිටපු ලේකම් වරයා මහින්ද රාජපක්‍ෂ රජය කාලයේ සිදුකල  මිග්යානා මිලදීගැනීමේදී  අවශ්‍ය ප්‍රහාරක යානා පිලිබදව තීරණය කලේ ගුවන් හමුදාව බවද ගුවන් යනානවලතාක්ෂණික යෝග්‍ය තාවය තීරණය  කලේ ගුවන් හමුදාව ඇතුළු තාක්‍ෂණික කමිටුවක් විසින්.බව පෙන්වා දුන්නේය.

මිලගණන් සාකච්චා කර තීරණය කිරීම සදහා කැබිනට් මණ්ඩලය පත්කළ කමිටුවක් තිබුණු බව පැවසූ ඝෝටභය  රාජපක්ෂ ලේකම්වරයා එමකොමිටියේ හිටපු ප්‍රධානියා පසුකලක මේ රටේ විගණකාධිපතිවරයා වූ බවද ඔහු ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු වශයෙන්ද කටයුතුකල බවද සදහන් කළේය.

මිග් යානා මිලදී ගැනීම තනි පුද්ගලයෙකුගේ  තීරණයක් නොව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැහැදිලි ක්‍රමවේදයක් ඇතිව කල මිලදී ගැනීමක් බව රාජපක්ෂ මහතා අවධාරණය කළේය.සියලු අවියුධ මිලදීගැනීම සිදුකලේ මෙවැනි විනිවිධ භාවයකින් බවත් ආයෝජකයන් අපේක්‍ෂා කරන්නේ මෙවැනි විනිවිධ භාවයක් බව ද සදහන් කල හිටපු ආරක්ෂක ලේකම් ඝෝටභය රාජපක්ෂ මහතා නිවැරදි තීරණ නිසි අවස්ථාවේ ගතහැකි පුද්ගලයන් රට තුල සිටිමද ආයෝජකයන් බලාපොරොත්තු වන බවද සදහන් කළේය

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img