29 C
Negombo
29 C
Negombo

දේශපාලඥයින්ගෙන් වැටුප් ලබන මාධ්‍යවේදීන් සිටිනවා අගමැති උපදේශක-අබන්වෙල ඥානාලෝක නාහිමි

-

දේශපාලඥයින්ගෙන් වැටුප් ලබන මාධ්‍යවේදීන් සිටිනබව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක සේදවත්ත වේරගොඩ පුරාන විහාරාධිපති අබන්වෙල ඥානාලෝක නාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කරති.

උන්වහන්සේ මෙම ප්‍රකාශය සිදුකලේ මිගමුව එක්සත්ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතාගේ පක්‍ෂ කාර්යාලය විවෘතකිරීමේ අවස්ථාවට සහභාගිවෙමින් අනුශාසනාවක් කරමිනි.

මාධ්‍ය නොමැතිව දේශපාලනය කළනොහැකි බව සමහරු ප්‍රකාශ කරන බවත් 2004 එක්සත් ජාතික පක්ෂයත් 2015 මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාත් ගෙදරගියේ  මාධ්‍ය ඇතුළු  සියලු බලය තිබියදී බවත් මාධයෙන් නොව ජනතාව සමග දේශපාලනය කලයුතු බවද  ඥානාලෝක නාහිමිපාණන් වහන්සේ තවදුරටත් ප්‍රකාශකලේය.

රනිල් වික්‍රමසිංහ අගමැති තුමා මිගමුව ජනතාවට ආදරය කරන  බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්  එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන්  පත්කිරීමෙන් කලක පටන් මිගමුව ජනතාවට මන්ත්‍රීවරයෙකු  නොමැතිවීමේ ගැටළුව විසදුනු බව මෙහිදී තවදුරටත් අදහස් පලකල අබන්වෙල ඥානාලෝක නාහිමිපාණන් වහන්සේ පැවසිය.

කෙටිකාලයක් තුල එක්සත්ජාතික පක්‍ෂයේ යොවුන් පෙරමුණේ සභාපතිවි කෘත්‍යාධිකාරී මණ්ඩලයට යාමට හැකිවුයේ නායකත්වයේ විශ්වාශය දිනාගෙන ඇතිනිසා බවද රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනය ආරම්භ කලේද යොවුන් පෙරමුණෙන් බව සිහිපත්කල නාහිමියන්  දේශපාලනය කරන හැම දෙනාම පක්ෂය සහ නායකයා සමග සිටිය යුතු බවද හොද නායකයෙක් වීමට හොද අනුගාමිකයෙක් වන ලෙසද ඉල්ලීමක් කළේය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.