32 C
Negombo
32 C
Negombo

මිගමුව නීතිවිරෝධී ව්‍යාපාරිකයන්ගෙන් පිරුණු නගරයක්- සිස්වාන් ද කෘස් කලාපිය අනුනායක හිමිපාණන්

-

මිගමුව නීතිවිරෝධී ව්‍යාපාරිකයන්ගෙන් පිරුණු නගරයක් බව සිස්වාන් ද කෘස් කලාපිය අනුනායක (මිගමුව කලාපය ) හිමිපාණන් ප්‍රකාශ කරයි .

උන්වහන්සේ මෙම ප්‍රකාශය කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී  වෛද්‍ය කවින්ද ජයවර්ධන මහතාගේ කාර්යාලයේ පැවති උත්සවයකදී සිදුකල  දේශනයේදීය.

තවදුරටත් අදහස් පලකල  කලාපිය අනුනායක හිමිපාණන්   මිගමුව නගරය බොහෝ දෙනෙකුගේ ඊර්ශ්‍යාවට කෙනහිලිකම්වලට ප්‍රහාරයන්ට ලක්වූ කුඩම්මාගේ සැලකිල්ල ලැබූ නගරයක් බව ද රෝහලට දක්වන්නේ කුඩම්මාගේ  සැලකිල්ලක් බවද   ප්‍රකාශ කළේය.

තනිහෝ තට්ටු නිවාස යෝජනා ක්‍රමයක් මෑතකාලයේදී මීගමුවට ලැබී නැතිබවද නීතිවිරෝධී මසාජ්පාලර්  සහ ගණිකා ව්‍යාපාරය  හංදියක් ගානේ ව්‍යාප්ත වී ඇතිබවත් අනුනායක හිමිපාණන්  පෙන්වා දුන්නේය.

බලහත්කාරයට යටත්වූ රාජ්‍ය ව්‍යාපාරික අවස්ථා සහ අවාසනාවට   පක්‍ෂ දෙකකට අයිති රාජ්‍ය පරිපාලනයක් ඇතිබවද   බව සිස්වාන් ද කෘස් කලාපිය අනුනායක (මිගමුව කලාපය ) හිමිපාණන් අවධාරණය කළේය.

&;

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.