සිදුව නගරසභාවේ නාගරික මන්ත්‍රීවරියක් මන්ත්‍රීවරයෙකුට චිත්තයක් අන්දවයි

ස්ථාවර තැන්පතුවෙන් ලක්ෂ 800 ක් ආපසු ලබාගෙන උපසභාපති වරයාගේ ප්‍රයෝජනයට ලක්ෂ 120 ක් වටිනා කැබ් රථයක් මිලදී ගැනීම සදහා ගෙනඑන ලද යෝජනාවක් නිසා   කටුනායක සිදුව නගරසභාවේ  අද පැවති මාසික සභා රැස්වීම දැඩි උණුසුම් බවක් ගෙන ඇත.

කටුනායක සිදුව නගර සභාවේ සභාපතිවරයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අතර උපසභාපතිවරයා නියෝජනය කරයි.ස්ථාවර තැන්පතුව මුදල් කර උපසභාපති වරයාට ලක්ෂ 120 ක් වටිනා කැබ් එකක් ලබාගැනීමට තමන් ඇතුළු මන්ත්‍රීවරු හයදෙනෙක් විරුද්ධවූ බව  නාගරික මන්ත්‍රී ගාමිණී හෙට්ටිආරච්චි මහතා පවසයි.

මෙම මන්ත්‍රීවරුන් මෙසේ විරුද්ධ වී ඇත්තේ  සභාවේ සේවකයන්ගේ අතිකාල කපාහැර අත්‍යාවශ්‍යසේවාවන් නිසිපරිදි පවත්වාගෙන යාමට පවා අපහසු අවස්ථාවක අත්‍යවශ්‍ය  ගලිබව්සර්යක් ඇතුළු  මිලදීගැනීම නොකර සරත් පිරිස් සභාපතිවරයා තමන්ගේ පැවැත්ම සදහා චමිත් නිශාන්ත  උප සභාපතිවරයා සතුටුකිරිම සදහා ජනතාවගේ බදුමුදල් වියදම් කිරමට එරෙහිවය.

යෝජනාවට විරුද්ධ වූ මන්ත්‍රීවරුන් අතර ගාමිණී හෙට්ටි ආරච්චි ලලිත් රොහාන් යන ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරු දෙදෙනා සමීර තුෂාංග රොෂාන්ත තාරක යන එක්සත් ජාතිකපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඩිනල් පෙරේරා මන්ත්‍රීවරයා සහ ජනතා විමුක්ති පෙරමුණේ චම්පික හෙට්ටිඅරචි නාගරික මන්ත්‍රීවරයා විය.

කෙසේ වෙතත් නගරාධිපති වරයා ගෙනෙන ලද යෝජනාව වැඩි ජන්දයෙන්සබා සම්මත වී ඇති අතර

මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්‍ෂයේ නාගරික මන්ත්‍රීනි නිලුකා සිල්වා නාගරික මන්ත්‍රීවරිය විසින් සභා ගැබතුලදී එක්සත් ජාතික පක්‍ෂයේම සමීර තුෂාංග නාගරික මන්ත්‍රී වරයාට  චිත්ත රෙද්දක් පොරවා ඇත්තේ  කැබ්රථ යෝජනාවට ව්රෝධය දැක්වීමනිසා නගරාධිපති වරයාගේ  අනුදැනුම මතයයි අපගේ ආරංචි මාර්ග පවසයි

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img