මළ දරු උපත්: “නිසි ප්‍රතිකාර ගත්තොත් මාස තුනකින් වුණත් යළි ගර්භණී විය හැකියි”

දරු ප්‍රසූතියට මාස 3ක් පමණ තිබියදී මළ දරු උපතක් සිදුවීමෙන් පසු ව්‍යාකූලතා නොමැති කාන්තාවන් වසරක කාලයකට පෙර යළි ගැබ් ගැනීමෙන් “කිසිදු බලපෑමක් සිදු නොවන බව” කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න පවසයි.

බීබීසී සිංහල සේවය සමග ඇය ප්‍රකාශ කළේ, මළ දරු උපතක් සිදුවූ පසු එය සිදු වූයේ කුමන හේතු නිසා දැයි පරීක්ෂා කර ඊට ප්‍රතිකාර කළ යුතු බවය.

එම ප්‍රතිකාර නිසි පරිදි සිදු කර අදාළ කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නම් මළ දරු උපත සිදුවී මාස 3ක කාලයකින් වුව ද යළි ගර්භණී වීමේ හැකියාවක් ඇතැයි මහාචාර්යවරිය පැහැදිලි කළාය.

Prof. Chandrika WijeratneImage copyrightSRI LANKA COLLEGE OF ENDOCRINOLOGISTS
Image captionමහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න

මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මේ බව පැවසුවේ, මළ දරු උපතකින් පසු ඉක්මනින් ගැබ් ගැනීම අනාරක්ෂිත නොවන බවට එක්සත් රාජධානියේ සිදු කළ සමීක්ෂණයක් සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදීය.

සමීක්ෂණය

අදාළ සමීක්ෂණ වාර්තාව පළ කර ඇති ලැන්සෙට් (The Lancet) නමැති වෛද්‍ය සඟරාවෙහි දැක්වෙන්නේ, මළ දරු උපතකින් පසු තවත් දරුවෙකු ගැබ් ගැනීම පමා කිරීමට හේතුවක් නොමැති බවය.

ගර්භණී කතක්Image copyrightGETTY IMAGES

මළ දරු උපතකින් පසු වසරක කාලයක් යන තුරු යළි ගැබ් ගැනීමකට ඉඩ නොදෙන ලෙසට පවතින මතය සනාථ කිරීමට සාක්ෂි නොමැති බව ද එහි සඳහන් වේ.

මෙම ජාත්‍යන්තර අධ්‍යයනය සඳහා යොදා ගත් ළදරු උපත් 14000 පරීක්ෂා කිරීමේදී ඊට පෙර සිදුවූ මළ දරු උපත්වලින් බලපෑමක් සිදුව නොමැති බව අනාවරණය වී ඇත.

එක්සත් රාජධානියේ සිදු වන සෑම දරු උපත් 225කට එක් උපතක් මළ දරු උපතකි. මළ දරු උපතක් ලෙස සාමාන්‍යයෙන් සලකන්නේ, පිළිසිඳ ගැනීමෙන් සති 24කට පසු ගර්භය තුළ සිදු වන මරණ වේ. එහෙත්, මෙම අධ්‍යයනයේදී සලකා ඇත්තේ, සති 22කට පසු සිදු වූ මළ දරු උපත්ය.

“තැවෙන්න එපා”

මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ මහාචාර්ය ඇලෙක්ස් හීසල් කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින්නේ, ඒ ගැන “නොතැවෙන” ලෙසය.

“මළ දරු උපතක් සිදුවෙන්න හේතු වූ තොරතුරු සියල්ල ලැබුණට පස්සේ, එම කාන්තාවන් මානසිකව සූදානම් නම් ඕනෑ ම මොහොතක යළිත් ගර්භණී විය හැකියි.”

ඔහු පැවසුවේ, මළ දරු උපතකින් පසු යළි දරුවෙකු බලාපොරොත්තු වීමට වසරක කාලයක් බලා සිටීමට හේතු වන කායික හේතුවක් නොමැති බවය.

මළ දරු උපතක් සිදු වුවහොත් කුමක් කළ යුතු ද?

ශ්‍රී ලංකාවේ මළ දරු උපතක් සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කෙරේ. මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න ප්‍රකාශ කළේ, තමන් සේවය කරන සොයිසා කාන්තා රෝහලේ ඒ සම්බන්ධයෙන් විශේෂ සායන සහ පසුවිපරම් සිදු කෙරෙන බවය.

“මුල් කාලයේදී මළ දරු උපතක් සිදු වුණොත් ස්වාභාවිකව එම කලලය ගර්භයෙන් ඉවත් වෙනවා. ඒත් අවසන් මාස 3ක් හෝ 4ක කාලය තුළදී මළ දරු උපතක් සිදු වුණොත් ඒක බරපතළ තත්ත්වයක්,” මහාචාර්යවරිය පැහැදිලි කළාය.

මළ දරු උපතකට හේතු

“විශේෂ ව්‍යාකූලතාවක් නැත්නම් සාමාන්‍යයෙන් සති 24කට පස්සේ මළ දරු උපතක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම දෙයක් වුණොත් ඒක හොඳින් නිරීක්ෂණය කළ යුතුයි. ඒකට බලපෑ හේතු සොයා ගත යුතුයි. දියවැඩියාව, අධික රුධිර පීඩනය, වකුගඩු රෝග වැනි කාරණා රැසක් ඊට බලපානවා.”

එවැනි තත්ත්වයක් තුළ මළ දරු උපත සිදුවීමට බලපෑ හේතු ඉක්මනින් වටහාගෙන ඊට ප්‍රතිකාර ලබා දෙන බව මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න පැවසීය.

අදාළ ව්‍යාකූලතා හඳුනාගෙන නිසි ප්‍රතිකාර ගැනීමෙන් පසු වෛද්‍ය උපදෙස් ලබාගෙන මාස 3ක පමණ කාලයකින් වුව ද යළි ගර්භණී වීමේ අවදානමක් නැති බව ඇය පෙන්වා දුන්නාය.

“අපි මළ දරු උපත් සිදුවූ මව්වරුන් වෙනුවෙන් මාසයකට සැරයක් සායන පවත්වනවා. ඒ මගින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීලා කායික වශයෙන් මෙන් ම මානසික වශයෙනුත් ඔවුන් ශක්තිමත් කරනවා.”

BBCSINHALA

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img