32 C
Negombo
32 C
Negombo

මා ඔයේ ඉවුරු කඩා වැලිගොඩ දැමු ව්‍යාපාරිකයාට වලානෙන් ප්‍රහාරයක්

-

මීගමුව කොච්චිකඩේ මාඹය   ගගේ දෙපස  ඉවුරු කඩා සෝදා කලක් තිස්සේ නීතිවිරෝධි වැලි ජාවාරමක් වැටලු වලාන  දූෂණ  මර්ධන ඒකකය  සැකකරුවන්  තිදෙනෙකු  අත්අඩංගුවට ගනු  ගෙන ඇත.

කොච්චිකඩේ පොලිස්  වසමට අයත් දූරියන්ගස් හංදිය තොටුපල ආසන්නයේ සිදුකල මෙම ගංඉවුර කඩා  බොට්ටු වලට පටවා ගොඩට ගෙන  අලවිකිරිම කලක සිට සිදුකල නීතිවිරෝධී ජාවාරමක් බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

භුවිද්‍යා හා පතල් කාර්යංශය වැටලීම් ඒකකය භාර නිළධාරි  මේජර් ඒ එච්  එල්  ජයන්ත  ,  වලාන දූෂණ  මර්ධන ඒකකයේ   ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරික්ෂක   රංජිත් රාජපක්ෂ  යන මහත් වරුන්  ඇතුළු නිළධාරින් කණ්ඩායම  විසින්  8 වනදින දින අළුයම 5.30 ට  පමණ  ගග ඉවුර දෙපස  රැක  සිට  මෙම වැටලීම සිදුකර තිබේ.

මෙම වැටලීමේදී වැලි ගොඩ දැමීමේ  සහ පැටවීම   නිරතව සිටි   සැකකරුවන් තිදෙනා සමග  බොට්ටු දෙකක් , වැලි පැටවු ලොරි රථ දෙකක් ,යකඩ සවල් ,වැලි ගොඩ දැමීමට සකස් කරන ලද  පනිට්ටු  ඇතුළු  දේපළ  පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබ තිබේ.

මෙම නීතිවිරෝධී  වැලි ජාවාරම් කරුවන් දිනකට ලක්ෂ දහයක් පමණ වෙළදපොල වටිනා කමක් ඇති වැලි ගොඩ දමා ඇතිබව මෙතෙක් සිදුකල විමර්ශන වලදී අනාවරණය කරගෙන ඇත  බවත් සැකකරුවන්  මීගමුව අධිකරණයට ඉදිරි පත් කිරීමට නියමිත බව පොලීසිය කියයි. මාන්ඩලික නියොජ්‍ය පොලිස් ප්‍රියන්ත ජයකොඩි වලාණ දූෂණ මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ  සහකාර පොලිස් අධිකාරි හේමාල් ප්‍රසන්ත ,භුවිද්‍යා හා පතල් කාර්යංශයේ වත්මන් සභාපති අසේල ඉද්දමල්ගොඩ යන මහත්වරුන්ගේ අධික්ෂණය  මත  කණ්ඩායම් භාර නිළධාරි  උ පො ප ජයරත්න රත්නායක  , පොසැ. 15054 ප්‍රේමසිරි, පොකො 48886 විජේකෝන් .2921 පද්මසිරි,30848තෙනුවන් ,34314 අශෝක,78228 එරන්ද ,77495 ප්‍රදීප්,29640 රාජපක්ෂ  යන නිළධාරින්  පිරිස  වැටලිමට සහභාගි වුහ

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.