මා ඔයේ ඉවුරු කඩා වැලිගොඩ දැමු ව්‍යාපාරිකයාට වලානෙන් ප්‍රහාරයක්

මීගමුව කොච්චිකඩේ මාඹය   ගගේ දෙපස  ඉවුරු කඩා සෝදා කලක් තිස්සේ නීතිවිරෝධි වැලි ජාවාරමක් වැටලු වලාන  දූෂණ  මර්ධන ඒකකය  සැකකරුවන්  තිදෙනෙකු  අත්අඩංගුවට ගනු  ගෙන ඇත.

කොච්චිකඩේ පොලිස්  වසමට අයත් දූරියන්ගස් හංදිය තොටුපල ආසන්නයේ සිදුකල මෙම ගංඉවුර කඩා  බොට්ටු වලට පටවා ගොඩට ගෙන  අලවිකිරිම කලක සිට සිදුකල නීතිවිරෝධී ජාවාරමක් බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

භුවිද්‍යා හා පතල් කාර්යංශය වැටලීම් ඒකකය භාර නිළධාරි  මේජර් ඒ එච්  එල්  ජයන්ත  ,  වලාන දූෂණ  මර්ධන ඒකකයේ   ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරික්ෂක   රංජිත් රාජපක්ෂ  යන මහත් වරුන්  ඇතුළු නිළධාරින් කණ්ඩායම  විසින්  8 වනදින දින අළුයම 5.30 ට  පමණ  ගග ඉවුර දෙපස  රැක  සිට  මෙම වැටලීම සිදුකර තිබේ.

මෙම වැටලීමේදී වැලි ගොඩ දැමීමේ  සහ පැටවීම   නිරතව සිටි   සැකකරුවන් තිදෙනා සමග  බොට්ටු දෙකක් , වැලි පැටවු ලොරි රථ දෙකක් ,යකඩ සවල් ,වැලි ගොඩ දැමීමට සකස් කරන ලද  පනිට්ටු  ඇතුළු  දේපළ  පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබ තිබේ.

මෙම නීතිවිරෝධී  වැලි ජාවාරම් කරුවන් දිනකට ලක්ෂ දහයක් පමණ වෙළදපොල වටිනා කමක් ඇති වැලි ගොඩ දමා ඇතිබව මෙතෙක් සිදුකල විමර්ශන වලදී අනාවරණය කරගෙන ඇත  බවත් සැකකරුවන්  මීගමුව අධිකරණයට ඉදිරි පත් කිරීමට නියමිත බව පොලීසිය කියයි. මාන්ඩලික නියොජ්‍ය පොලිස් ප්‍රියන්ත ජයකොඩි වලාණ දූෂණ මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ  සහකාර පොලිස් අධිකාරි හේමාල් ප්‍රසන්ත ,භුවිද්‍යා හා පතල් කාර්යංශයේ වත්මන් සභාපති අසේල ඉද්දමල්ගොඩ යන මහත්වරුන්ගේ අධික්ෂණය  මත  කණ්ඩායම් භාර නිළධාරි  උ පො ප ජයරත්න රත්නායක  , පොසැ. 15054 ප්‍රේමසිරි, පොකො 48886 විජේකෝන් .2921 පද්මසිරි,30848තෙනුවන් ,34314 අශෝක,78228 එරන්ද ,77495 ප්‍රදීප්,29640 රාජපක්ෂ  යන නිළධාරින්  පිරිස  වැටලිමට සහභාගි වුහ

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img