යුද අපරාධ චෝදනා: “දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කරන්න”

-

යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවෙන් යළිත් වරක් ඉල්ලා සිටියි.

මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සහ ඒවා උල්ලංඝණය කිරීම අපරාධයක් බවට ජනතාව දැනුවත් කිරීම සඳහා පියවර ගන්නා ලෙස ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය රජයට දැනුම් දී තිබේ.

මේ බව සඳහන් කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවේය.

ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කළ නිර්දේශ:

  • මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ලැබූ වර්තමාන හා කලින් වාර්තාවල සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සම්බන්ධීකරණ, කාලානුරූපී සැලසුමක් සකස් කිරීම හා ප්‍රගතිය අධීක්ෂණය කිරීම සඳහා ඉහළ මට්ටමේ විධායක කණ්ඩායමක් පත් කිරීම.
  • මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අධීක්ෂණය කිරීම, මහ කොමසාරිස්වරයාගේ සහ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තාක්ෂණික සහය සැපයීම සඳහා උපදෙස් ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට (OHCHR)ආරාධනා කිරීම.
  • පොදු ජනතාවගේ, වින්දිතයින්ගේ සහ සාක්ෂිකරුවන්ගේ, සිවිල් සමාජයේ මෙන් ම පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් යුක්තිය, විශේෂයෙන් සත්‍යය සෙවීමේ සහ වගවීම් යාන්ත්‍රණ, වන්දි ලබා දීම් සහ සිහිපත් කිරීම් පිළිබඳව අව්‍යාජ උපදේශන ආරම්භ කිරීම. මෙම ක්‍රියාවලිය තුළ මහජන දැනුවත්වීම සහ සහභාගිත්වය සහතික වන අයුරින් පොදු අධ්‍යාපනික වැඩසටහන් සමග ක්‍රියාත්මක කළ යුතුය.
  • මෙම ක්‍රියාවලිය වෙනුවෙන් උපදෙස් ලබා ගැනීම සඳහා සත්‍යය, යුක්තිය, වන්දි සහ නැවත සිදුනොවීම සහතික කිරීම් පිළිබඳ විශේෂ නියෝජිතයාට ආරාධනා කිරීම, සහ වදහිංසා සහ අනෙකුත් කුරිරු, අමානුෂික හා අවමන් සහගත සැලකීම් හෝ දඬුවම් පිළිබඳව මහ ලේකම්වරයාගේ අදාළ විශේෂ නියෝජිතයන්ට රට තුළ සංචාරය කිරීමට ඇරයුම් කිරීම.

ආයතනික ප්‍රතිසංස්කරණ

OHCHRImage copyrightUNITED NATIONS
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හරහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව සඳහා සුදුසුකම් ලත් නව සාමාජිකයන් පත් කිරීම, සහ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය සහ සිදුවීම් අධිකරණයට යොමු කිරීමේ හැකියාව ඇතුළු එහි බලතල ශක්තිමත් කිරීම.
  • වධ හිංසා, දූෂණ, ලිංගික ප්‍රචණ්ඩත්වය සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝණය කිරීම් නීති විරෝධී බවට ආරක්ෂක හමුදා හා ආරක්ෂක බලඇණිවලට අයත් සියලු අංශවලට පැහැදිලි, පොදු සහ ස්ථිර නියෝග නිකුත් කිරීම. එවැනි ක්‍රියාවලට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වන්නන්ට (as commander or superior) එරෙහිව විමර්ශන පවත්වා දඬුවම් දෙන බවත්, සියලු දෙනා දෙස අවධානයෙන් සිටින බවත්, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් ගැන සෙවිල්ලෙන් සිටීම, හිංසා කිරීම් සහ පළිගැනීම් සිදු නොවීය යුතු බවට දැනුවත් කිරීම.
  • මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සඳහා සම්බන්ධ බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු තිබිය හැකි ඕනෑ ම රාජ්‍ය නිලධාරියෙකු හෝ හමුදා නිලධාරීන් තනතුරුවලින් ඉවත් කිරීමට නිසි ක්‍රියා පටිපාටියක් සැකසීම.
  • ආරක්ෂක හමුදා විසින් අත්පත් කර ගත් පෞද්ගලික ඉඩම් යළි පවරා දීම සහ සිවිල් කටයුතුවලට ආරක්ෂක අංශ සම්බන්ධ වීම අවසන් කිරීම සඳහා ප්‍රමුඛත්වය දීම.
  • දේශපාලන පක්ෂ සමග සම්බන්ධ වී සිටින සන්නද්ධ කණ්ඩායම් හඳුනාගෙන ඔවුන් නිරායුධ කිරීම, ඔවුන් ආරක්ෂක අංශ, බුද්ධි සේවාවන් සහ වෙනත් රජයේ බලධාරීන් සමග පවත්වාගෙන යන සබඳතා නතර කිරීම.
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, එහි රෙගුලාසි සහ මහජන ආරක්ෂක පනත අහෝසි කිරීම සහ ජාත්‍යන්තර නීතියට සම්පූර්ණයෙන් අනුකූල වූ නව ජාතික ආරක්ෂක රාමුවක් සකස් කිරීම සඳහා සඳහා ඉහළ මට්ටමේ සමාලෝචනයක් ආරම්භ කිරීම.

යුක්තිය

  • ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ වැඩසටහනේ ස්වාධීනත්වය සහ කාර්යක්ෂමතාවට වඩා හොඳ ආරක්ෂාවක් සැලසීම සඳහා වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත සමාලෝචනය කිරීම; සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ අධිකාරියට පත් කරනු ලබන නිලධාරීන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ ස්වාධීනත්වය හා අවංකභාවය සම්පූර්ණයෙන් ම තහවුරු කිරීම; සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පද්ධතියට අවශ්‍ය පහසුකම් ලබා දීම.
  • බලහත්කාරයෙන් සිදු කරන අතුරුදන්වීම්වලින් සියලු දෙනා ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය, ජිනීවා සම්මුතිවලට අදාළ අතිරේක ලේඛන සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ රෝම ප්‍රඥප්තියට අනුකූල වීම;
  • යුද්ධ අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, මිනිස් ඝාතන සහ බලහත්කාරයෙන් අතුරුදන් කරවීම් අපරාධ ගණයට ඇතුළත් වන ලෙස නීති පැනවීම; විශේෂයෙන් අණ දීම් හෝ ඉහළින් එන වගකීම් ආදී සියලු ආකාරයේ අපරාධ සම්බන්ධයෙන් වගකීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම.
  • ස්වකීය ස්වාධීන විමර්ශන සහ නඩු පැවරීමේ ආයතනයක්, ආරක්ෂක කාර්යාංශයක් සහ සාක්ෂි සහ වින්දිත ආරක්ෂණ වැඩසටහනක් සමග, යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ කිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීම.
  • සියලු අපරාධ පරීක්ෂණ, හබයාස් කෝපස් හා මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ සොයා බැලීම සහ බරපතළ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධ විශේෂ විමර්ශන කොමිෂන් සභාවන්හි සොයා ගැනීම් විශේෂිත අධිකරණය වෙත යොමු කිරීම.
  • DNA පරීක්ෂණ, අධිකරණ මානව විද්‍යාව හා පුරාවිද්‍යාව ආදී අධිකරණයේ විද්‍යාත්මක තාක්ෂණය ශක්තිමත් කිරීම සඳහා ප්‍රමාණවත් සම්පත් ලබා දීම.
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රැඳවියන්ගේ සියලු නඩු කටයුතු සමාලෝචනය කිරීම හෝ ඔවුන් නිදහස් කිරීම හෝ නඩු විභාග කිරීමට වහා ම පියවර ගැනීම; විශේෂයෙන් ම වදහිංසා යටතේ ලබා ගත් පාපෝච්චාරණ මත දඬුවම් ලැබූවන්ගේ නඩු යළි විමර්ශනය කිරීම.

සත්‍යය/දැන ගැනීමේ අයිතිය

  • අතුරුදන් වූවන් පිළිබඳ ජනාධිපති කොමිසම විසුරුවා හැර අතුරුදන් වූවන්ගේ පවුල් සමග සාකච්ඡා කිරීමෙන් පසුව ඔවුන් සම්බන්ධ පැමිණිලි විශ්වසනීය හා ස්වාධීන ආයතනයකට යොමු කිරීම‍;
  • ස්වාධීන පරීක්ෂණයකින් පසු රැඳවියන්ගේ පවුලේ සාමාජිකයින්ට හෝ ඥාතීන්ට තොරතුරු දැන ගත හැකි පරිදි සියලු රැඳවියන් පිළිබඳ මධ්‍යම දත්ත ගබඩාවක් සකස් කිරීම සහ සියලු රැඳවුම් මධ්‍යස්ථානවල ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කිරීම.
  • අතුරුදන් වූවන් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව සහ වින්දිත සිවිල් වැසියන් පිළිබඳ යුද්ධ හමුදා විමර්ශන අධිකරණය ආදී මානව හිමිකම් සම්බන්ධ කොමිෂන් සභාවල ප්‍රකාශයට පත් නොකළ සියලු වාර්තා ප්‍රකාශයට පත් කිරීම.
  • මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන සන්තකයේ පවතින සියලු වාර්තා සංරක්ෂණය කිරීමට විධිමත් සැලැස්මක් හෝ යාන්ත්‍රණයක් සකස් කිරීම.

වන්දි ගෙවීම

  • කාන්තාවන් සහ දරුවන්ගේ නිශ්චිත අවශ්‍යතා සැලකිල්ලට ගෙන ජාතික වන්දි ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ රාජ්‍ය අයවැයෙන් ප්‍රමාණවත් පරිදි ප්‍රතිපාදන වෙන් කිරීම.
  • වින්දිතයින් වෙනුවෙන් සිදු කෙරෙන මනෝසමාජයීය සහය ලබා දීමේ වැඩසටහන් ශක්තිමත් කිරීම
  • BBCSIHALA

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here