Facebook, whatsapp, Instergram බිද වැටෙයි

-

ශ්‍රී ලංකා පරිවර්තන සමූහය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

ෆේස්බුක් අඩවිය, ඉන්ස්ටග්‍රෑම් අඩවිය හා මැසෙන්ජර් යෙදුම බිදවැටීමකට ලක්වී පැය කිහිපයක් ගතවුවත් මේ වනතෙක් එම සමාජ මාධ්‍ය අඩවි යතා තත්වයට පත්කරගැනීමට ෆේස්බුක් සමාගම තවමත් අපොහොසත්වී තිබෙනා අතර මෙම බිදවැටීමට හේතුව “DDOS ප්‍රහාරයක්” නොවන බව නිල වශයෙන් ෆේස්බුක් සමාගම මේවනවිට නිවේදනය කොට තිබෙනවා.

ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් අඩවියට අමතරව වට්සැප් යෙදුමටත් මෙම බිදවැටීම බලපා ඇති අතර වට්සැප් සතු සර්වර් කිහිපයක් බිදවැටීම නිසා වට්සැප් යෙදුම බිදවැටීමට ආසන්න තත්වයක් පෙන්නුම් කල අතර මේ හේතුවෙන් වට්සැප් යෙදුම හරහා පණිවිඩ හුවමාරු වීම මන්දගාමී වී තිබෙන අතර චායාරූප ඇතුළු අනෙකුත් මාධ්‍ය හුවමාරු කරගැනීමට නොහැකි තත්වයක් උදාවී තිබේ.

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් අඩවි බිද වැටීමත් වට්සැප් යෙදුම හරහා චායාරූප ඇතුළු අනෙකුත් මාධ්‍ය හුවමාරු කරගැනීමට නොහැකි වීමත් පිළිබද කනස්සල්ලෙන් සිටින ජනයා මෙම සිදුවීම වැරදි ආකාරයට අර්ථකථනය කිරීමට පෙළබි ඇති අතර විවිධ වූ පුද්ගලයන් විසින් වෙනත් සමාජ මාධ්‍ය ජාල අඩවිද මෙසේ බිදවැටීමකට ලක්ව ඇතැයි වැනි සාවද්‍ය පුවත් විවිධ වූ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් සිටින බව ශ්‍රී ලංකා පරිවර්තන සමුහය වන අප වෙත දැකගැනීමට හැකිවූ අතර මෙවැනි ප්‍රචාර වලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස අප සාමාන්‍ය ජනයාගෙන් ඉල්ලා සිටින අතර ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සම්බන්ධතාවයන්හි කිසිම ගැටලුවක් නොමැති බවද ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස අප සංවිධානය ඉතාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශයට පත් කරමු.

තවද ෆේස්බුක් අඩවිය නැවත යතාතත්වයට පත්කරන තුරු වෙනත් සමජා මාධ්‍ය අඩවි භාවිතා කර ෆේස්බුක් අඩවිය බිදවැටීම නිසා සිදුවූ අපහසුතා මගහරවා ගන්නා ලෙසද අප සමූහය සාමාන්‍ය ජනයාගෙන් ඉල්ලා සිටිමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here