අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකා සහ ඒහා සම්බන්ධ තොරතුරු පනත යටතේ ලබා දීමේ බලය කැබිනට් ලේකම් කාර්යාලයෙන් ඉවත් කර අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන අමාත්‍යංශ වෙතම පවරා ඇතිබව වාර්තා වේ.
යම් නිශ්චිත අමාත්‍ය මණ්ඩල සංදේශයකට අදාළ නොවන හෝ නිශ්චිත අමාත්‍යාංශයක විෂය පථයට අයත් නොවන තොරතුරක් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් “වෙනත් කරුණු” යටතේ එළඹ ඇති තීරණ සම්බන්ධයෙන් පමණක් අමාත්‍ය මණ්ඩල කාර්යාලයෙන් තොරතුරු ලබා ගත හැක.
මෙතෙක් කාලයක් අමාත්‍යංශවලින් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකා සහ ඊට අදාල තීරණ තොරතුරු පනත යටතේ ලබාදීමේ බලය තිබුණේ කැබිනට් ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා වෙතය. අලුත් තීරණය අනුව එම තීරණ සඳහා අදාළ අමාත්‍යංශවල තොරතුරු නිලධාරීන් වෙත තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු බව කැබිනට් ලේකම් කාර්යාලය සඳහන් කර තිබේ