කටාන ජලයෝජනා ක්‍රමයේ පස් ජාවාරමෙන් එජාපයේ සංවිධායක වරියට දිනකට 240000 ක්

පොදු ස්ථාන සංවර්ධනයට වෙන්කර ඇති  කටාන ජලයෝජනා ක්‍රමයේ ජලනල එළිම සදහා කපන කාණුවලින් ගොඩදමන පස් ජාවාරමෙන් කටානේ එක්සත් ජාතිකපක්ෂයේ සංවිධායක වරිය දිනකට රුපියල් 240,000 කට ආසන්න මුදලක්  ලැබෙන බව පොදුජන එක්සත් පෙරමුණේ කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ප්‍රකාශ කරයි

මෙම තොරතුරු හෙළිදරවු වුයේ  කටාන ප්‍රාදේශීය සභාවේ අප්‍රේල් මස මාසික මහා සභා රැස්වීමේදීය. සභාපති නන්ද විජයරත්න ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සභා ශාලාවේදී12 වනදින  රැස්වීම පැවැත්විණි.

මෙම ජලයෝජනා ක්‍රමයේ කොන්ත්‍රාත් කරුවිසින්ම කපන පස් ප්‍රාදේශීය සංවර්ධන කමිටුව විසින් තීරණය කර ඇති පරිදි පොදු ස්ථානවලට ප්‍රවාහනය කලයුතු උවත් එම සමගම එය සිදුනොකරන බවද පස්  එක්සත් ජාතිකපක්ෂයේ ක්‍රියාකාරීන් ගේ ලොරි 80 ක් එම නීති විරෝධී පස් ජාවාරමේ යෙදෙන බවද එක ලොරියකින් දිනකට රුපියල් 3000 බැගින් ලොරි 80 න් සංවිධායක වරියට දිනකට රුපියල් 240000 කමුදලක් මෙම නීති විරෝධී  පස් ජාවරමෙන් උපයා ගන්නා බවට ද දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශකළේය.

මේ පිලිබදව  අදහස් පලකල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මර්වින් පිරිස් මහතා කපන පස් ප්‍රවාහනය සදහා කොන්ත්‍රාත් කරුවිසින් වාහන යොදා නොගැනීම නිසා  ඔහුට දිනකට අවම වශයෙන් රුපියල් 200000 ක පමණ මුදලක් ඉතිරිවන බවද මෙම මුදල ලැබෙන අය පිළිබදවද සොයා බැලිය යුතුබවද ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මෙම චෝදනා පිලිබදව මුනිවත රකිනු දක්නට ලැබුණි.

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img