29 C
Negombo
29 C
Negombo

කටාන ජලයෝජනා ක්‍රමයේ පස් ජාවාරමෙන් එජාපයේ සංවිධායක වරියට දිනකට 240000 ක්

-

පොදු ස්ථාන සංවර්ධනයට වෙන්කර ඇති  කටාන ජලයෝජනා ක්‍රමයේ ජලනල එළිම සදහා කපන කාණුවලින් ගොඩදමන පස් ජාවාරමෙන් කටානේ එක්සත් ජාතිකපක්ෂයේ සංවිධායක වරිය දිනකට රුපියල් 240,000 කට ආසන්න මුදලක්  ලැබෙන බව පොදුජන එක්සත් පෙරමුණේ කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ප්‍රකාශ කරයි

මෙම තොරතුරු හෙළිදරවු වුයේ  කටාන ප්‍රාදේශීය සභාවේ අප්‍රේල් මස මාසික මහා සභා රැස්වීමේදීය. සභාපති නන්ද විජයරත්න ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සභා ශාලාවේදී12 වනදින  රැස්වීම පැවැත්විණි.

මෙම ජලයෝජනා ක්‍රමයේ කොන්ත්‍රාත් කරුවිසින්ම කපන පස් ප්‍රාදේශීය සංවර්ධන කමිටුව විසින් තීරණය කර ඇති පරිදි පොදු ස්ථානවලට ප්‍රවාහනය කලයුතු උවත් එම සමගම එය සිදුනොකරන බවද පස්  එක්සත් ජාතිකපක්ෂයේ ක්‍රියාකාරීන් ගේ ලොරි 80 ක් එම නීති විරෝධී පස් ජාවාරමේ යෙදෙන බවද එක ලොරියකින් දිනකට රුපියල් 3000 බැගින් ලොරි 80 න් සංවිධායක වරියට දිනකට රුපියල් 240000 කමුදලක් මෙම නීති විරෝධී  පස් ජාවරමෙන් උපයා ගන්නා බවට ද දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශකළේය.

මේ පිලිබදව  අදහස් පලකල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මර්වින් පිරිස් මහතා කපන පස් ප්‍රවාහනය සදහා කොන්ත්‍රාත් කරුවිසින් වාහන යොදා නොගැනීම නිසා  ඔහුට දිනකට අවම වශයෙන් රුපියල් 200000 ක පමණ මුදලක් ඉතිරිවන බවද මෙම මුදල ලැබෙන අය පිළිබදවද සොයා බැලිය යුතුබවද ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මෙම චෝදනා පිලිබදව මුනිවත රකිනු දක්නට ලැබුණි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.