30 C
Negombo
30 C
Negombo

හෙට මහවැසි අකුණු සමග තද සුළං

-

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද  මධ්‍යහන 1200 නිකුත්කර ඇති කාලගුණ අනාවැකියට අනුව  හෙට දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහල මට්ටමක පවතී.

දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි අතර එම ප්‍රදේශවල ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල  පැයට කිලෝමීටර  70 -80 පමණ තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.