රාවණා 1: සාර්ථකත්වය ගැන නිර්මාණකරුවෝ අදහස් දක්වති

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් නිර්මාතරිඳු ණය කරන ලද ‘රාවණා 1’ චන්ද්‍රිකාව රැගත් සිග්නස් රොකට්ටුව ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා (18) අලුයම 2.16ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා සාර්ථකව ගමන් ඇරඹීය.

එය දින එක හමාරකින් පසු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වීමට නියමිත අතර, චන්ද්‍රිකාවේ සම නිර්මාණකරුවෙකු වන ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉන්ජිනේරු තරිඳු දයාරත්න බීබීසී සිංහල සේවයට පැවසුවේ, එය සිකුරාදා පස්වරු 6.30 වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වීමට නියමිත බවය.

Birds 3Image copyrightBIRDS 3

රාවණා 1 චන්ද්‍රිකාව ලබන ජූනි මාසයේ මැද භාගයේදී කක්ෂගත කිරීමට මූලිකව සැලසුම් කර ඇතැයි ද තරිඳු දයාරත්න පැවසීය.

“පොඩි කාලේ ඉඳලා අභ්‍යවකාශය ගැන ගොඩක් ආසාවෙන් ඉගෙන ගත්තත්, මම කවදාවත් හිතුවේ නෑ අපි ම හදපු චන්ද්‍රිකාවක් යවන්න පුළුවන් වෙයි කියලා. මුලින් ටිකක් චකිතයකින් හිටියේ රොකට් එක යනකම්. ඒත් ඒක සාර්ථකව පිටත් වුණා ම ලොකු සතුටක් ඇති වුණා,” තරිඳු දයාරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.

“මේක ගැන මුළු ශ්‍රී ලංකාව ම සුබ පතනවා. විශේෂයෙන් ම කෑගල්ලේ තියෙන අපේ ගෙදරට ගමේ ම අය එකතු වෙලා ගොඩක් ආඩම්බරයෙන් ඒ ගැන කතා කරනවා කියලා අම්මලා කිව්වා. මට ලොකු සතුටක් දැනෙනවා මේ ගැන.”

මේ අතර, මෙම චන්ද්‍රිකාව නිර්මාණය කිරීම සඳහා දායක වූ විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ බීබීසී සිංහල සේවයට පැවසුවේ, රොකට්ටුව සාර්ථකව පිටත් වන තුරු තමන් දැඩි චකිතයකින් පසුවූ බවය.

රාවණා 1Image copyrightNASA

“රොකට් එක සාර්ථකව ගියාට පස්සේ ලොකු සතුටක් දැනුණා. මේක මගේ සිහිනයක් සැබෑ වීමක්. මගේ එක ම අරමුණ අභ්‍යවකාශය ගැන තවදුරටත් ඉගෙන ගෙන ඒ සම්බන්ධ කටයුතුවලට දායක වෙන එකයි,” දුලානි චාමිකා විතානගේ ප්‍රකාශ කළාය.

රජයේ අවධානය

මෙම චන්ද්‍රිකාව නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජයේ වැඩි අවධානයක් යොමු වීම වැදගත් බව තරිඳු දයාරත්න සඳහන් කළේය.

BIRDS 3Image copyrightBIRDS 3

“බර්ඩ්ස් 3 ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කරපු සෑම රටක ම චන්ද්‍රිකා කක්ෂගත කිරීම සමරන්න ලබන ජූනි මාසයේදී විතර ජපාන අභ්‍යවකාශ ඒජන්සියේ උත්සවයක් තියෙනවා. ඒකට අදාළ රටේ ඉහළ නිලධාරියෙක් සහභාගි වෙන්න ඕන. මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජය අවධානයක් යොමු කරනවා නම් ඒක ඉදිරි ව්‍යාපෘතිවලටත් හොඳයි.”

මේ පිළිබඳව බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයෙන් කළ විමසීමකදී එහි අතිරේක ලේකම්වරයෙකු සඳහන් කළේ, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය ද සිය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් බවය.

“මේ ව්‍යාපෘතියට ප්‍රතිපාදන ලබා දුන්නේ අපේ අමත්‍යාංශයෙන්. අපේ අමාත්‍යාංශය මේ ව්‍යාපෘතිය ගැන අවධානයෙන් ඉන්නේ. මාධ්‍යවලින් ඒ ගැන කතා කරන්නේ නැහැ,” එම අතිරේක ලේකම්වරයා සඳහන් කළේය

BBCSINHALA

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img