පාසල්වල කප්පරක් අඩුපාඩු සදහා මුදල් වෙන්නොකරන කෝටි ගණන් වැයකර සපත්තු පොත් බෑග් බෙදන දේශපලන ගුණ්ඩු

මේ සමග පලකරනු ලබන්නේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් (හිටපු රජයේ රාජ්‍ය අමාත්‍ය ) පළාත්සභා අමාත්‍යවරයෙක් පළාත් සභා මන්ත්‍රීවරු පස්දෙනෙකු නියෝජනය කරන කටාන ආසනයේ පිහිටි රද්දොළුව පඥානන්ද  පාසැලේ ජායාරූප පෙළකි.

මේ ජායාරූප අධ්‍යනයේදී අපට පෙනීයන පැහැදිලි කරුණ වන්නේ මෙම විදුහලේ පරිපාලනය බින්දුවට වැටී ඇතිබවයි.

පාසැල් සංවර්ධන සමිතිය ආදී ශිෂ්‍ය සංගම් ආදිය තමන්ගේ යුතුකම් හා වගකීම් ඉටුකරන බවක් පෙනෙන්නට    නැත.

කඩාවැටීමේ අවදානම ඇති ගොඩනැගිලි අක්‍රමවත් අන්තරාදායක විදුලි පරිපත දොරවල් කඩාවැටුණු වැසිකිලි පාසැලේ තැන තැන ගොඩගැසී ඇති කුණු ගොඩවල් කඩා වැටීමට ආසන්න දිරාගිය ගස් කලකින් අලුත් වැඩිය නොකළ ගොඩනැගිලි දිරාගිය වහලවල් වලින් පිරි මෙම විදුහල පෙන්වුම් කරන්නේ ප්‍රදේශයේ සිටින  දේශපාලකයන් තමන්ට ලැබෙන ප්‍රතිපාදන අධ්‍යාපනය සදහා වෙන් කිරීමට කැමැත්තක් නොදක්වනබවයි.

දරුවන්ට හොදම දේ දෙනබව පවසමින ජනතාවගේ ගෙලමිරිකා එකතුකරන බදුමුදල් මෙවැනි පාසැල් වල සංවර්ධන කටයුතුවලට මෙම දේශපාලකයන් මුදල් වෙන් කිරීමට ප්‍රමුඛත්වයක් ලබානොදෙන බවට මෙම ජායාරුප පෙලට වඩා තවත් සාක්ෂි අනවශ්‍යය.

මෙම දේශපාලකයන් පුද්ගලිකව තමන්ට ජන්දය එකතුකරගැනීමේ අරමුණින් තමන්ගේ හිතවතුන් පාක්‍ෂිකයන්මගින්  තෝරාගත් කණ්ඩායම්වලට  සපත්තු පාසැල් පොත් බෑග් ලබා දිම සදහා කෝටි ගණනින් මුදල් වැයකරමින් සිටිනබව පෙනෙන්නට ඇත.

මේම දේශපාලකයන්   ජනතාවගේ බදු මුදල්වලින් ලබාගත්  සපත්තු කුට්ට්ටම පොත් බෑගය අභ්‍යාස පොත් දහය දොළහ ලබා දීමට  දරුවන් සහ දෙමවුපියන් රැස්කරවා රැස්වීම පවත්වා වේදිකාවලට දරුවන් ගොඩකර ඔවුන්ගේ ආත්මාභිමානය බින්දුවට දමා කටයුතු කිරීම හාස්‍ය ජනක ඔලමොට්ටල මන්ද මානසික කටයුත්තක් බව ජනතාව ප්‍රකාශකරයි.

මෙයට අමතරව මෙය තමන්ගේ කුඩා මොළය තුල වර්ධනය වී දළුලා වැඩුණු සංකල්පයක් අනුව අධ්‍යාපනය වෙනුවෙන්  සිදුකරන  විශාල කාර්යභාරයක් බව පවසමින් සිගිති ආතල් එකක් ලබාගන්නා බවද පෙනෙන්නට ඇත.

වේදිකාවට ගොඩකර දෙමවුපියන්ගේ බදුමුදලින් ලබාදෙන සපත්තු කුට්ටම ලබාගන්නා දරුවාගේ ජයරුපයක් VIDEO මාධ්‍ය ආයතනවලට  ලබාදෙමින් සමාජ මාධ්‍ය ජලාවලට මුදා හරිමින්

අසවල් දේශපාලකයාගේ සංකල්පයකට අනුව අසවල් ගමේ දුප්පතෙකුගේ   අඩුඅදායම් ලබන පවුලක දරුවෙකුට සපත්තු කුට්ටමක් පොත් කට්ටලයක් ප්ලාස්ටික් වතුර බෝතලයල් ලබාදෙන අවස්ථාව මේ ජයාරුපයෙන් දැක්වේ යනුවෙන් විස්තර කරන ජයාරූප පලකිරීමෙන්  අර දරුවාගේ පමණක් නොව දෙමවුපියන්ගේ ආත්මයද අභිමානයන ප්‍රසිද්දියේ විනාශකරයි.

දරුවන්ට පොතක් සපත්තු කුට්ටමක් ලබාදීමට අවශ්‍ය නම ඒ සදහා සුදුසුම ක්‍රමවේදය වන්නේ නොමිලයේ ලබාදෙන පෙළපොත් නිල ඇදුම් ලබාදෙන පිළිවෙලට පන්තිභාර ගුරුවරයා මගින්  එම දේ අවශ්‍ය දරුවන්ට ඒ වා ලබාදීමයි.

කෝටි ගණන් මහජන මුදල් වෙන්කරගෙන් දේශපාලකයන් විසින් බෙදාහැරීම් සදහා ලබාගන්නා  සපත්තු පොත් බෑග් සෙවිලි තහඩු සිමෙන්ති වැනි දේ පිලිබදව සක්‍රයාගේ පුතා වයිමාටවත් විගණනයක් කළනොහැකි අතර මේ බඩු බෙදාහැරිම පිටුපස සමහර දේශපාලකයන් සහ නිලධාරීන් ම්හාපරිමානයෙන් කොමිස් කුට්ටි අතයට ගනුදෙනු පමණක් නොව ඍජුවම මුදල් වංචා සිදුකරන බව නොරහසකි.

   

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img