කිතු සමිඳුන්ගේ ප්‍රාණ පරිත්‍යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා අදයි

කිතුණු ජන වන්දනා වසරේ අති උසස්ම මෙන්ම ආධ්‍යාත්මික මංගල්‍යය වන්නේ පාස්කුවයි.

මිනිසා පවින් ගලවාගැනීම අරමුණු කොට දෙවියන් වහන්සේ සිය පුත් දේවත්වයෙන් මුදා මිනිසත් බවගැනීමත් සිය ආධ්‍යාත්මික දිවිය මිනිසා උදෙසාම කැප කර ඔවුන් උදෙසාම කුරුසිය මත දිවි අත්හැරීම පාස්කු මංගල්‍යයේ සුවිශේෂිතම අවස්ථාව අද එනම් මහ සිකුරාදා සමරනු ලබති.

ලොව පුරා කිතුණු බැතිමත්හු අද දින සෑම දෙව් මැඳුරකදීම සුවිශේෂී දේව මෙහෙයන්ට එක්වෙමින් කිතු සමිඳානන්ගේ කුරුසවත් යාගය සිහිපත් කරති.

කිතුණුවෝ අලු බදාදායින් ඇරඹුණු දින හතළිහක් පුරා නිරාහාර ශීලය, දාන , මාන, කිතු සමිඳුන්ගේ කුරුස ගමන සිහිපත් කෙරෙන පාද නමස්කාර, විශේෂාකාර දිව්‍ය යාගයන්, පසන් ගායනා, පාස්කු දැක්ම යනාදියට එක්වෙමින් සිට පසුගිය ගොප් ඉරිදා ක්‍රිස්තුතුමන්ගේ ජෙරුසලමට ජයග්‍රාහීව පැමිණීම සිහිපත් කරමින් ශුද්ධ වු සතිය ආරම්භ කළහ.

කිතු සමිඳාණන් පාවාදීමේ අවස්ථාව ඊයේ සියලු දෙව් මැඳුරකදීම සමරනු ලැබුවේ උන්වහන්සේ විසින් සිය ගෝලයන් දොළොස් දෙනාගේ පා දෝවනය කරමින් අවසන් රාත්‍රී භෝජනයට එක් වූ අයුරු සංකේතවත් කරමින් දෙව් මැඳුරු පාලනාධිපති පියතුමන්ලා ගෝලයන් දොළොස් දෙනකුගේ පා දෝවනය කර ඒ විශේෂිත දිව්‍ය යාගය පවත්වමින්.

කිතු සමිඳුන්ගේ ප්‍රාණ පරිත්‍යාගය සිහිපත් කෙරෙන අද එනම් මහ සිකුරාදා සෑම දේවස්ථානයකම කිතු තුමන්ගේ කල්වාරි ගමන සමරන පාද නමස්කාරයන්ට එක්වන කිතුණුවෝ සවස තුන් පෑ ධ්‍යානය මඟින් එම විශේෂිත ගැඹුරු ආධ්‍යාත්මික මෙහෙයට එක්වෙති.

මේ උත්කෘෂ්ඨ පාස්කු මංගල්‍යයේ ආශ්චර්යමත් සැමරුමට කිතුණුවෝ මේ ඉරිදා එක්වෙති. කිතු සමිඳුන් මරණින් නැගිටීම එනම් උත්ථානය සිහි ගන්වන දේව මෙහෙයන්ට එක්වෙමින් චතාරික සමය නිමා කරති.

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img