Saturday, September 26, 2026
28 C
Negombo

ක්‍රයිස්චර්ච් වෙඩිතැබීම්-ලංකාවේ ප්‍රහාර අතර සබඳතාවයක් ඇතිබවට තොරතුරු ලැබී නැහැ’

ශ්‍රී ලංකාවේ පසුගිය පාස්කු ඉරිදා දින සිදුකරන ලද විනාශකාරී ප්‍රහාරය හා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් පල්ලියේ මාරාන්තික වෙඩිතැබීම අතර සබඳතාවක් ඇති බවට තම රජයට කිසිදු බුද්ධි අංශ තොරතුරක් ලැබී නොමැති බව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩේන් මහත්මිය පවසයි.

ඕක්ලන්ඩ්හි පැවති මාධ්‍ය සාකච්ඡාවකදී නවසීලන්ත අගමැතිනිය මේබව පවසා ඇත.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රුවන් විජේවර්ධන මහතා පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධව නවසීලන්ත අගමැතිනිය මෙම අදහස් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේදී විශාල පිරිසකට මරු කැඳවමින් පල්ලි හා හෝටල් වල සිදුකරන ලද බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධ මූලික විමර්ශනවලින් හෙළිවී ඇත්තේ එය පසුගිය මාර්තු 15 දින නවසීලන්තයේ මුස්ලිම් පල්ලියේ මාරාන්තික වෙඩි තැබීමට පළිගැනීමක් ලෙස සිදුකරන ලද්දක් බව එහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

මෙවන් දාම බෝම්බ ප්‍රහාරයක් එතරම් කෙටි කාලයක් තුළ සැලසුම් කිරීමට හැකියාවක් ඇද්ද යන්න සම්බන්ධව ආරක්ෂක විශේෂඥයින් හා විශ්ලේෂකයින් ප්‍රශ්න කරන බවද විදෙස් මාධ්‍ය පවසයි.

රොයිටර්

ජායාරුපය අන්තර්ජාලයෙනි

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img