ඕක්ලන්ඩ්හි පැවති මාධ්‍ය සාකච්ඡාවකදී නවසීලන්ත අගමැතිනිය මේබව පවසා ඇත.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රුවන් විජේවර්ධන මහතා පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධව නවසීලන්ත අගමැතිනිය මෙම අදහස් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේදී විශාල පිරිසකට මරු කැඳවමින් පල්ලි හා හෝටල් වල සිදුකරන ලද බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධ මූලික විමර්ශනවලින් හෙළිවී ඇත්තේ එය පසුගිය මාර්තු 15 දින නවසීලන්තයේ මුස්ලිම් පල්ලියේ මාරාන්තික වෙඩි තැබීමට පළිගැනීමක් ලෙස සිදුකරන ලද්දක් බව එහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

මෙවන් දාම බෝම්බ ප්‍රහාරයක් එතරම් කෙටි කාලයක් තුළ සැලසුම් කිරීමට හැකියාවක් ඇද්ද යන්න සම්බන්ධව ආරක්ෂක විශේෂඥයින් හා විශ්ලේෂකයින් ප්‍රශ්න කරන බවද විදෙස් මාධ්‍ය පවසයි.

රොයිටර්

ජායාරුපය අන්තර්ජාලයෙනි